දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Thursday, June 21, 2012

සඳ සිත්තමක්

සඳ සිත්තමක් සේ ඇඳී...
මහදේ පුරා....
නෙක පැතුමන්..සිහින ගංඟා..
මැව් සිත පුරා...
ආදරෙන්....
මහදේ පුරා වෙළී...
ඔබගේ..
ස්නේහයේ මා..නැවතුනා...

හිස් අතරේ හැංඟිලා...
හද ගැඹුරේ නැවතිලා...
ඔබෙ පහසේ..
රැඳී ඉන්නම්..මා සදා....
තරු එළියක් එයි නුරා..
සිත් අහසේ පායලා...
මා ඉන්නම්..
ඔබේ හදපුරා..සැනසිලා...

සංසාර සිහිනයේ...
එක් නිමේෂක තනිවෙලා...
ඉකි ගසාවී..
හද කඳුළැල් දෝත දරා...
නෙතු පෙනෙනා මායිමේ...
තනිකම සිතේ සිර කරන්..
මා ඉන්නම්..
සුසුම් හද පුරා..සිර කරන්...

සඳ සිත්තමක් සේ මැකී...
නෙතු බොඳ වෙලා...
නෙක පැතුමන්..සිහින ගංඟා..
මැව් සිත පුරා...
ආදරෙන්....
මහදේ පුරා වෙළී...
ඔබගේ..
ස්නේහයේ මා..නැවතුනා...

2 comments:

  1. මරු කවි කාරයෙක් නේ. අපූරුයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...