කලින් කතාව බැලුවෙ නැත්නම් බලලම එන්න මෙතනින් නැත්නම් වැඩක් නෑ
සතුරු භුමිය තුළ දිගුදුර විහිදුම් සෙබළෙකුට තම ජීවිතය පිළබද ඇති අවදානම එහීදී ඔවුන්ට හොදහැටි පසක් විය. එදින සවස් භාගයේ විමර්ෂනයේ දී හසු නොවුනු මාර්ග බාධකයක් රාත්‍රියෙහි එහි විය.......
"සාජන්... හවස රෙකියේදී මේක මෙතන තිබුනේ නෑ... හොදටම ෂුවර් .." එක් අයෙක් කීවේය.
"හරි.. හරි.. කෝප්රල් මට ඔයාව විශ්වාසයි.. මේක හවස් වෙලා දාලා තියෙන්නේ.. අපිව හොයා ගන්නකං උන්ට නින්ද යන්නේ නෑ..." සැරයන් ජයකොඩි කිව්වේ ඔහු අස්වසන්නට ය.
"ඉවරයි... සාජන් අපිව චෙක් වෙලා වගේ විස්සක් තිහක් මේ පැත්තට එනවා".......................................................................................................!!
...ඒ සමග ඔවුන්ට දැඩි ෆ්ලෑෂර් එළියක් සමගින් ප්‍රහාරයක් එල්ල විය. Aකණ්ඩායමේ සාමාජිකයින් සිටියේ හය දෙනෙකු වුවද, ඔවුන්ද ක්ෂණිකව ඝන අන්ධකාරයේ ප්‍රහාර එල්ල කරන්නට විය. විනාඩි කිහිපයක් දෙපසින් ම වෙඩි පහර
වල් හුවමාරු විය.
එක්වර ම .............................. කෝප්රල් චන්දගේ අතින් ගිනි අවිය විසි විය... නැවතත් අසීරුවෙන් ඔහු එය අහුලා වෙඩි තබන්නට පටන් ගත් අයුරු දුටු සැරයන් ජයකොඩි,,,,
"කෝප්රල් මොකද....??" යැයි මහ හඩින් ඇසුවේය. ඔහු වේදනා භරිත මුහුණින් ඔහු දෙස බලා නැවතත් වෙඩි තැබුවා මිස වචනයක් කීවේ නැත..
කොප්රල් චන්දනට වෙඩි වැදී ඇති බව ක්ෂණිකව ඔහුට වැටහුණි. වහා තීරණයක් ගත් ඔහු සිය සගයා සතුරාගේ වෙඩි ප්‍රහාරයෙන් බේරාගැනීමේ අරමුණින් බිම දිගේම තරමක් දුරට ඇදගෙන ගොස් තම කර මතට ගන්නවාත් සමගම එල්ලවූ තවත් දැඩි ප්‍රහාරයකින් චන්දනගේ හිස සිදුරු වී ගියේය. ඔහු බිම තැබූ සැරයන් ජයකොඩිට තව තප්පර කිහිපයකට වඩා ආයුෂ නැති බැවි වැටහුනී. සමීපතම සගයෙකු අහිමි වීම හමුදා ජීවිතයේ සෙබළෙකු ලබන අමිහිරි ම අත්දැකීමකි...
දෙනෙතින් කදුළු වැටීමට ඉඩ නොදී ඔහු සිය සගයාගේ හිස තම පපුවට තදකර ගත්තේය.. මියයමින් සිටි මිනිසාට එයද සහනයක් වන්නට ඇත. තම සමීපතමයෙකුගේ තුරුලෙහි මියයාම.....
නැවතත් තම මියගිය සගයාගේ නිසල දේහය රැගෙන මීටර් දහයකට වඩා වැඩි දුරක් ඔහුට ගමන් කළ නොහැකි විය. තම යටිබඩ ප්‍රදේශයෙන් ගිනි පිටවනු ඔහුට දැනුනේය. දණහිසින් බිම ඇද වැටුනු ඔහුගේ උරහිසින් කෝප්රල් චන්දන විසි වී ගියේ ය.... තම කලිසමෙහි ෂිපර් එක විනිවිද උණ්ඩය ගිය සිදුර ඔහු අතගා බැලුවේය. වෘෂණ කෝෂය ඉරී එක් වෘෂණයක් නහර වැල් වලින් එල්ලී තිබූ බැව් එවෙලෙහි ඔහුට නොවැටහුණි....
සැරයන් ජයකොඩිට තවදුරටත් තම සගයා තමාට ගෙන යා නොහැකි බැව් වැටහුණේය. අසීරුවෙන් චන්දනගේ නිසල දේහය ඇදගෙන ගොස් සැගවූ ඔහු චන්දනගේ සියලු යුද උපකරණ තමා භාරයට ගත්තේ බැරිවී හෝ චන්දන ගෙන යාමට නොහැකි වුවහොත් ඒවා සතුරා අතට පත් නොවීමට වගබලා ගනිමිනි....
ඒ වන විටත් අනෙකුත් සගයින් සතුරා සමග ගැටෙමින් කණ්ඩායමේ අවසාන සෙබළා දක්වා තමාට ඇති රාජකාරියා මනාව ඉටුකරමින්
සිටියෝ ය. අසීරුවෙන් හා අමාරුවෙන් ඔහු කණ්ඩාය පසුපසට ගැනීමට තීරණය කලේය. ඒ තවත් සගයෙකු තමාට අහිමි වේ යැයි චකිතයෙනි... මන්ද යත්, ඒ වන විට කෝප්රල් පුෂ්පකුමාටගේ පාදවලට දැඩි ලෙස හානිවී තිබුනෙන් ඔහු වෙඩි තබමින් දණගාන්නට වු නිසාය.
"කෝප්රල් මේ පැත්තට එන්න..." ඔහු දණගාමින් වෙඩි තබන කෝප්රල් පුෂ්පකුමාරට කථ කළේය.
"සාජන්.... මං ගැන නෙමෙයි ප්‍රියන්ත ගැන බලන්න දැන් ටිකකට කලින් හිටියා... පේන්න නෑ...."
මේ සියල්ල සැරයන් ජයකොඩිට මානසිකව දැඩිව බලපෑවේය. දැන් තමාගේ කණ්ඩායමේ අයෙක් මියගොස් තවත් අයෙක් මග ඇරී තිබුණි තමාටත් තවත් අයෙකුටත් දරුණු තුවාල සිදුවී තිබේ. මෙවන් අවස්ථාවක කණ්ඩායමේ නායකයා ලෙස එම කණ්ඩායමේ වගකීම දැරීමට කොතරම් අධිෂ්ටානයක් තිබිය යුතුද...? ඔහු නොසැලී තම කාර්යය ඉටු කළේය.
නමුත් ඔහුගේ බරපතල තුවාල තත්වය නිසාවෙන් සැරයන් චන්ද්‍රසිරිට නායකත්වය ගෙන කටයුතු කරන්නට සිදුවුයේ ඉබේටම ය..
සතුරු ප්‍රහාරයෙන් හානියක් නොවූ සැරයන් චන්ද්‍රසිරි හා කෝප්රල් සේනාධීර තුවාල ලත් සැරයන් ජයකොඩි, කෝප්රල් පුෂ්පකුමාර හා මියගිය සගයාගේ නිසල දේහය ද රැගෙන සතුරු භූමියේ ගැඹුරට ගමන් කරන්නට විය...
තුවාලකරුවන් දෙදෙනාගේ දරුණු තුවාල නිසා රාත්‍රියේ ගමන් කිරීම ඉතා දුෂ්කර විය. තම තුවාල වූ සෙබළුන් දෙදෙනාගේ ජීවිත වෙනුවෙන් කෝප්රල් චන්දනගේ නිසල දේහය සතුරු භුමියේ සතුරාට නොපෙනෙන්නට සගවා යාම අකමැත්තෙන් හෝ කරන්නට සැරයන් චන්ද්‍රසිරි හා කෝප්රල් සේනාධීර තීරණය කළෝය. ඒ වෙන විකල්පයක් නොවූ හෙයිනි..
මේ වන විට ගුවන් විදුලි යන්ත්‍රයට හානි සිදුවී තිබූ හෙයින් මූලස්ථානය සමග සම්බන්ධතා සම්පූර්ණයෙන් ඇණහිට තිබුණි. නිසැකවම සතුරා වනය පීරමින් තමන් හඹා එන බැව් දත් සැරයන් චන්ද්‍රසිරි ගමන ඉක්මන් කළේය. නමුත් ඉතා අමාරු තත්වයක සිටි තුවාලකරුවන් සමග ගමන් කිරීම ලෙහෙසි පහසු නොවීය...
"මාව දාලා පලයල්ලා.... පලයන් යකුනේ... උඹලටත් මැරෙන්න වෙයි... පුෂ්පයත් අරන් පලයන්..." සැරයන් ජයකොඩි සැරයන් චන්ද්‍රසිරිට අණ දුන්නේය..
"බෑ..... සාජන් එහෙම කරන්න බෑ.." එහෙම කරන්නෙත් නැහැ"
ඔහුගේ වචනවල දැඩි බව නිසා සැරයන් ජයකොඩි කට පියා ගත්තේය
"එහෙනම් මාවයි පුෂ්පයවයි හංගලා ඉක්මනට යන්න..."
"ඒක තමයි සාජන් මේ කරන්න හදන්නේ.... කෑ ගහන්න එපා.."
සැරයන් චන්ද්‍රසිරි කෝප්රල් සේනාධීර සමග එක්වී තුවාල ලත් තම සගයින් භූමියේ ඇති දෑ යොදා ගනිමින් සගවා අනතුරුව සතුරා මුළාකරන මං සළකුණු ඇති කරමින් ඉදිරියට ගමන් කළේය..
තමන් සිතූ පරිදි සතුරා කැළය පීරමින් එන හඩ සැරයන් ජයකොඩිට ඇසුණි..........................!
~මතු සම්බන්ධයි~
මේජර් ගාමින්ද අබේසේකර.
"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා"

මෙම කතාව මා විසින් උපුටා ගෙන පළ කරන්නකි.
අපේ කාලයේ සෑබෑ විරුවන් වෙනුවෙන් කරන උපහාරයකි මේ..
මේ පාර ගන්න හිතන් ඉන්න පොතක් මේක ....
ReplyDeleteහොද පොතක් මේක
Deleteයලිත් කිසිදා එවන් යුද්ධයක් ඇති නොවේවා!!
ReplyDeleteඅපි ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ ඒක නේ..
Deleteමම නම් අළුතෙන්ලු මේ පැත්තට..මේ පොත මම ගාවත් තියනවා..කියවන්න කම්මැලිකමේ හිටියේ..දැන් නම් ෂෝයි..මට කියවන්න පුළුවන්..ස්තූතියි!!
ReplyDeleteකියවන්න වටින පොතක් මේක
Deleteඊළග කොටස කියවන්න කුතුහලය තවත් වැඩි වුනා... හමුදා සොයුරන්ගෙ කැපවීමේ තරම හිතාගන්නත් බැරි තරම්...
ReplyDeleteඅන්තිමේදි වෙන දේ දැන ගත්තාම මොන හිතෛද දන්නේ නෑ
Deleteඅම්මා....
ReplyDeleteකියවනකොට ඇඩෙනවා නේ..
ඉවර වෙනකල්ම බලන්නකෝ
Deleteඉතිරිය ඉක්මනින් දාන්නකෝ. යුද්දය පවතී සමයේ අමිහිරි වාතාවරණය යලිත් මතක් වුනා. මෙහෙම හරි අපේ මිනිස්සුන්ට මතක් කරලා දෙන ඒක වටිනවා මේ පවතින සාමය උදාකරල දෙන්න අපේ රණවිරුවෝ කොච්චර කැපවීම් කරලා තියෙනවද කියල
ReplyDelete