දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....
Showing posts with label මොකටවත් නැති. Show all posts
Showing posts with label මොකටවත් නැති. Show all posts

Sunday, September 23, 2012

කොහොමද කොල්ලන්ගේ වැඩ-@බලංගොඩ

මේ ඉන්නේ රොබින් කුරුල්ලගේ අතිජාත මිත්‍රයෙක් 
කොල්ලගෙ ටැලන්ට් එක හොදයි ද?

Wednesday, September 12, 2012

කැඩුවේ නෑ සර්... කැපුවා විතරයි...

එදත් පුරුදු විදිහටම සෑහෙන්න පරක්කු යි..
මම හිමින් හිමින් ඉස්කෝලේ තාප්පෙ ගාවට කිට්ටු කළා.. යන්තම් රබර් ඇහැ දාලා බැලුවා මොකෝ සිටුවේශන් එක කියලා.පෙනන විදිහට සියල්ල නිවැරදි සම්පූර්ණයි.
 "හිතවත් නරඹන්නෙනි තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට යන්නේ මහා හොරා පොලිස් ක්‍රිඩාවයි"
***දඩාං****
"මොන @$@$%$$ යකෝ කොන්දට ගැහුවේ?"
යකෝ මේ මගෙ අතිජාත මිත්‍රයා ජෙමා නොහොත්...... නම කියන එක හරි නෑනේ..
"ඈ බොල ජෙමෝ තෝ මේ ඉස්කොලේ අල්ලපු වැටේ ඉන්න එකා.තොට බැයිද පාන්දර බැරි නම් බෙල් එක ගහන කොටවත් එන්න යකෝ"
"දැන් මම තෝත් එක්ක අහු උනොත් අම්බානෙකට කනවා"
"හරි හරි යකෝ උඹ බයවෙන්නේ නැතුව හිටපන් අද ලොකු සර් නිවාඩු."
"අනෙ පල මේ එලිවෙනකොට නයි අරින්නේ නැතුව"
"හරි හරි යකෝ තව මෙතන කියෝ කියෝ ඉන්නේ නැතුව පනිමු බන්"
"හරි ඉදපන් ඉදපන් මොකෙක්වත් නෑ ඉක්මනට පනිමු"
ඔන්න දැන් අපි ඒ හෝල් එකෙන් මෙ හෝල් එකට මෙ හෝල් එකෙන් එ හෝල් එකට මාරු වෙවී පන්තියට ගියා. 
කිරි අප්පට බල්ලො පැනපි කිව්වාලු. අද අපෙ සෙට් එකම ෆුල් ෆන් එකේ. අද අපෙ සෙක්ශන් එකේ සර්ලා මිස් ලා කට්ටියට සෙමිනා එකක් ලු. කනට මී පැණි වක්කරා වගේ ඒක ඇහුවහම. පාන්දරම සෙට් එක ලෑස්ති වෙනවා අපේ ජාතික ක්‍රිඩාවට. රටේ ජාතික ක්‍රිඩාව වොලි බෝල් උනාට අපෙ සෙට් එකේ ක්‍රිඩාව ක්‍රිකට් නොවෑ.
දැන් අපි සෙට් එකම පිට්ටනියෙ. ටිකක් වෙලා අපි ක්‍රිඩාව කොරගෙන යනොකට එකෙක් කියනවා මචං එහා වත්තේ නියම කෙහෙල් කැනක් තියෙනවා යමුද බලන්න කියලා..
ඔන්න දැන් කට්ටියම යනවා කෙහෙල් කැන බලන්න,
මග දිගට ආරක්ශක භටයෝ රදවලා.. අපි 4 දෙනෙක් පැන්නා වත්තට.. සෑහ් කියලා වැඩක් නෑ නියම කෝලිකුට්ටු කැන.මුල ඇවරිය ඉදිලා. දුකේ බෑ සත්තුවත් කෑවොත්.
ඒක අස්සේ ජෙමා කියනවා,
"මචෝ මෙක මෙහෙම තියලා යන්න බෑ, හොරු කපයි. අපි ආරක්ශාවට මෙක කපලා අරන් යන්"
"ඒත් බන් කෝ පිහියක්"
"උඹ ඉදපන්කෝ මම පිහියක් අරන් එන්නම්"
මූ කරපු වැඩේ එතනම එහා පැත්තෙ තියෙන ගෙදරට ගිහින් ඉස්කෝලෙ වැඩකට කියලා පිහියක් අරන් ආවා.
දැන් අපි සියලුම දනා එකා වන් ව එකතු වෙලා සයොගයෙන් සද්ද නොනගා කෙහෙල් කැන බිමට බෑවා පස්සෙ එතනදිම ඇවරි වලට වෙන් කරලා පන්තියේ අපෙ ලොකර් එකට ගෙනත් දැම්මා අමු ටික. ඉදුන ටිකට වග කියලත් ඉවරයි ඒ වෙනකොට.
ඊට පස්සේ දැන් මුන්ගේ පම්පෝරිය. එකත් අහගෙන ඉදලා කස්ටිය දෙයියනේ කියලා ගෙවල් බලා ආවා.
ඔන්න ඊට පස්සේ පහු වෙනිදා සුපුරුදු විදිහට 8 කනිසමටහ් පස්සෙ ඇහැරිලා. අම්මගෙන් සද්ද පූජාවකුත් අහගෙන ඉස්කෝලෙ ආවා.
පලවෙනි පීරියඩ් එක ඉවරයි, දෙවෙනි එක පටාන් ගන්නයි යන්නෙ. 
මෙන්න එවේලේ නොදැකිය යුතු පුද්ගලයෙක් එනවා පන්තියට,
බඩුම තමා..

Sunday, August 26, 2012

අලුත් විදිහකට හිතන කොට මම දැන් වෙනස් වෙලා.........(Airtel වගෙ)

අනේ අම්මපා මට මේ ටික කලින්  හිතුනෙ නැති හැටි...කොහොමත් මට එහෙමම තමා ඉස්සර ඉදන්ම මොන කරන්නද දැන් උන දේ ගැන හිතලා ගිය දේ ගියා නේ. කොහොම හරි මම මගෙ හිත හදා ගත්තා ඉතින් මම කියන්න යන්නෙ දැන් මෙහෙම හිතනකොට තියෙන්නෙ මාර ගතියක්. මේකට මම ස්තුති කරන්න ඕන අර මම කලින් පොස්ටුවේ බැන්නෙ අන්න ඌටම තමා... අපේ සදරුවන් කොලුවට.. ඕකා තමා මගෙ ඔලුවට දැම්මෙ මළ ඉලව් love ගැන ලියන්නෙ නැතුව වෙන මොනා හරි ලියපන් කියලා..
එහෙම කියලා ඌ නිකන් හිටියෙ නෑ මට ඉගෙන ගන්න තව බ්ලොග් වගේක link ටිකක් එව්වා. අප්පෙ එවයෙ තිබිලා මම ඉගෙන ගත්ත එව්වා..
මෙ තියෙන්නෙ එව්වා තමා..
මෙන්න එව්වා
http://r4ng4.blogspot.com/2012/08/blog-post_7.html
 http://r4ng4.blogspot.com/
 ඔන්න ඉතින් ඊට පස්සෙ මමත් වෙනස් වෙන්න ගත්තා. ඒක  කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද...
 මම දැන් වෙනස් වෙලා.........(Airtel වගෙ)
Related Posts Plugin for WordPress, Blogger...