දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Tuesday, August 28, 2012

මම සහ අපි

අපි එකතු වෙලා මේක කලේ..... 
මම මේ දේ තනියම කලේ.....


අපි එකතු වෙලා පන්සලට දානයක් දුන්නා..
මම තනියම පන්සලට දානයක් දුන්නා...
.

අපි සෙට් එකම සෙට් වෙලා දන්සලක් දුන්නා...
මම තනියම දන්සලක් දුන්නා...

අපි එකතු වෙලා අහවලාට උදව් කලා.....
මම තනියම උදව් කලා.....

අපි සෙට් එක පාටියක් දැම්මා
මම තනියම.................?

අපි ඔක්කොම ට්‍රිප් එකක් ගියා..
මම තනියම.....

අපි ඔක්කොම සෙල්ලම් කලා
මම තනියම.................?


අපි ද මම ද වටින්නේ?






Monday, August 27, 2012

BRAIN WASH නොහොත් මොළ සේදීම

"මල්ලි  මල්ලි නැගිටින්න, මොකද උනෙ දැන් අවුලක් නෑ නේද? මොකද හරි නැද්ද තාම. හරි පොඩ්ඩක් ඉන්න ඔහොම"
"මචං මේ මල්ලිට පොඩ්ඩක් අවුල් ඩිංගක් බලපන් මම මොන හරි බොන්න දෙයක්  අරන් එන්නම්"
"හරි බං ඉක්මනට වරෙන් මට තනියම මූව බලන්න"
"ෆාමසියට ගියා ආවා"
"මල්ලි ඔහොම ඉන්න මොන හරි ඕන නම් කියන්න"
ඔහොම ඉන්න බම්බුව තමා එනකොට කොහොමද කිව්වෙ. මල්ලි මේක මරු පට්ට ගති. බම්බුව තමා.. මල මගුල.ශික්..
"මචං මල්ලිට නැගිටින්න කියපං බං මෙන්න මෙක දිපං බොන්න"
"මල්ලි මේක බොන්න මෙක බීවම ඕක ඇරිලා යයි"
"බොන්න බෑ අයියා."
"බෑ කියලා බෑ,මේක බීපන් නැත්නම් උඹට අද යන්න වෙන්නෙ නෑ"

යකෝ මම බෑ කියද්දි ඇයි මට තවමත් බල කරන්නෙ.....

"මල්ලි මේක අහපන්කෝ..."
ඔන්න පටන් ගත්තා මුගෙ දේසනාව,, ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#
"මුලදි අපිටත් ඔහොමයි මල්ලි ඕවා ගනන් ගන්න එපා බන්. ඔහොම වත් සෙට් උනෙ නැත්නම් කොහොමද බන් උඹ අපෙ සෙට් එකේ එකෙක් කියන්නෙ උඹ "
"ඔව් මචං අපි ඔක්කොම මේකෙ වල බැහැලා ඉන්න එව්වො නෙ බන් නිකන් චා වෙන්න බැ නෙ."
"ඔව් ඔව් බන් ඕවා ගනන් ගන්න එපා මල්ලි අයෙ ඊළග දවසෙ ඔහොම වෙන්නෙ නැ"
ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්# 
"මල්ලි දන්නවද මල්ලි සෙට් එකට සෙට් වෙන්න නම් මල්ලි සෙට් එකෙ විඩිහට හැඩ ගැහෙන්න ඕන හරිද? නැත්නම් මල්ලි ඔයාව ඒ සෙට් එකෙ ගන්න ගන්නෙ පො********** විදිහට හරිද?"
"ඒ වගෙම තමයි මල්ලි පොඩ්ඩක් අත දිගෑරලා වියදම් කරන්නත් ඕන"
යකෝ ඒ පාර මුන් දත ගලවන්නත් හදනවා....... අයියො සල්ලි
"එතකොට තමයි මල්ලි සෙට් එක ඇතුළෙ ඔයාව හොද ලෝස් නැති කොල්ලෙක් විදිහට පිළිගන්නෙ. නැත්නම් මල්ලි ඔයට වෙන්නෙත් අර ස***** ට වෙච්චි දේම තමා.. ඌ අපෙ සෙට් එකට ඇවිත් හෙනෙ පොර ටෝක් දුන්නෙ.. ඒ උනාට හෙන කුණා.. ඌ නිකන්ම සෙට් එකෙන් හලාල් කලා"
ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#
"හරි අයියා මට තේරෙනවා"
"අන්න මල්ලි හරි මල්ලි මල්ලිට ඔය තේරෙන්නෙ"
" එකනෙ මල්ලි කියන්නෙ මල්ලි ලෙසටම අපිත් එක්ක සෙට් උනොත් ආයෙ ගොඩම තමා. අපි ඉන්නවා ඕනම දේකට බොක්කෙන්ම."
(ඔන්න මටත් දැන් අයිඩියා එනවා..)  බලන්නකෝමෙයාල මට බොක්කෙන්ම ඉන්නවා  එළකිරි මමත් අද ඉදන් බොක්කෙන්ම ඉන්නවා අයියා.
හරි මමත් දැන් සෙට් එකේ කොල්ලෙක්. බජාර් එකේ හොද කකුලක්...ෆිට් පොරක්

මාරයි.........
මාරයි.........
තාම හිතා ගන්න බෑ මොකද උනේ කියලා.


වසර 5කට පසු
ඒ කාලෙ මම පිස්සු නටන්නෙ නැතුව වළ බහින්නෙ නැතුව හොදට ඉගෙන ගත්තා නම් මමත් අද හොද ජොබක් කරන් ආතල් එකේ ඉන්නවා නේ......දුක තමා රංජනී කිව්වලු.....
 ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ









Sunday, August 26, 2012

අලුත් විදිහකට හිතන කොට මම දැන් වෙනස් වෙලා.........(Airtel වගෙ)

අනේ අම්මපා මට මේ ටික කලින්  හිතුනෙ නැති හැටි...කොහොමත් මට එහෙමම තමා ඉස්සර ඉදන්ම මොන කරන්නද දැන් උන දේ ගැන හිතලා ගිය දේ ගියා නේ. කොහොම හරි මම මගෙ හිත හදා ගත්තා ඉතින් මම කියන්න යන්නෙ දැන් මෙහෙම හිතනකොට තියෙන්නෙ මාර ගතියක්. මේකට මම ස්තුති කරන්න ඕන අර මම කලින් පොස්ටුවේ බැන්නෙ අන්න ඌටම තමා... අපේ සදරුවන් කොලුවට.. ඕකා තමා මගෙ ඔලුවට දැම්මෙ මළ ඉලව් love ගැන ලියන්නෙ නැතුව වෙන මොනා හරි ලියපන් කියලා..
එහෙම කියලා ඌ නිකන් හිටියෙ නෑ මට ඉගෙන ගන්න තව බ්ලොග් වගේක link ටිකක් එව්වා. අප්පෙ එවයෙ තිබිලා මම ඉගෙන ගත්ත එව්වා..
මෙ තියෙන්නෙ එව්වා තමා..
මෙන්න එව්වා
http://r4ng4.blogspot.com/2012/08/blog-post_7.html
 http://r4ng4.blogspot.com/
 ඔන්න ඉතින් ඊට පස්සෙ මමත් වෙනස් වෙන්න ගත්තා. ඒක  කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද...
 මම දැන් වෙනස් වෙලා.........(Airtel වගෙ)

Saturday, August 25, 2012

මියැදෙන හදවත

ආදරය විතරක් දෙන්න... 
යන්න එපා දුරක... 
මට එන්න බෑ... ඇවිදන්...
ඔයාකාර දුවන හිත පස්සෙන්..
මං පව්... ඔයා දුවන දුවන හැම වාරයක් ගානේ 
මගේ මේ වාරැ නැති... ආදරයත් රැගෙන ඔයා ලගට දුවගෙන එනවා... 
ඒ මගේ ජීවිතේට...මගේ ආත්මෙටම...හයියක් වෙන්න කියලා...
ඒත් ඔයා මාව දාලා ආයෙත් දුවනවා...
මම එනවා.. ඒ ආදරේ නිසා.. ♥

මම ඔයාට මහමෙරක්‌ තරම් ආදරේ කරනවා..

හුස්‌මක්‌ හුස්‌මක්‌ ගානෙම, මම ඔයා ගැනයි හිතන්නෙ
ඔයාව මගේ කර ගන්න,, වින්ද දුක්‌ දන්නෙ මම විතරයි රත්තරන්.....
එච්චර ආදරේ කරන මාව දාලා යන්න ඔයාට පුලුවන්ද?
ඔයාට පවු පිරෙයි එහෙම කලොත්..
ඔයා මට අදරේ නැතුවට කමක්‌ නෑ. ,,එත් මාව දාලා යන්න එපා.
මොකද,, මම ඔයාට මහමෙරක්‌ තරම් ආදරේ කරනවා...
හිරුට දෙන්නෙ නෑ...
සදුට දෙන්නෙ නෑ...
ඔබ මට පිදු ඒ සෙනෙහස..
වෙන කාටත් අයිති වෙන්නෙ නෑ..

දුටුව දා පටන්....
මගෙ සිත බැදුනා..
ඔය සුදු මුහුණේ..
මගෙ නෙත රැදුනා..
ඇහැල මහේ පුර පොරුව සැදුනා..
සතුටු කදුලු මැද නුඹ ඔහුගෙ උනා..

හිරුට දෙන්නෙ නෑ...

බුදු හාමුදුරුවනේ...

පිහිටක් නැති සරණක් නැති..

සතුටක් ඇති මුහුණක් නැති..


මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ


සිතට දැනෙනවා..........


බුදු හාමුදුරුවනේ...



Friday, August 24, 2012

සිහිනයක් ‍ද මේ

සිහිනයක් ‍ද 
මේ පාටක් තැවරැවා..

මම එයට...

කියන්න දැන් ලස්සනද... 

හීනියට හිනාවෙන්න... 

ඔය නෙතු අගින් හිනියට..

අර ඉස්සරෝම ඉස්සර වගේ... 

බලන්න.. 


Related Posts Plugin for WordPress, Blogger...