දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Saturday, August 25, 2012

මියැදෙන හදවත

ආදරය විතරක් දෙන්න... 
යන්න එපා දුරක... 
මට එන්න බෑ... ඇවිදන්...
ඔයාකාර දුවන හිත පස්සෙන්..
මං පව්... ඔයා දුවන දුවන හැම වාරයක් ගානේ 
මගේ මේ වාරැ නැති... ආදරයත් රැගෙන ඔයා ලගට දුවගෙන එනවා... 
ඒ මගේ ජීවිතේට...මගේ ආත්මෙටම...හයියක් වෙන්න කියලා...
ඒත් ඔයා මාව දාලා ආයෙත් දුවනවා...
මම එනවා.. ඒ ආදරේ නිසා.. ♥


ඔය දුවන දුවන තැන්වල ආදරණීය බවක් නෑ කියලා...
හැමතැනකම ඔයා රැවටෙනවා විතරයි කියලා
තේරැම් ගන්නැත්තේ ඇයි...
ඔයා රැවටෙන වාරයක් ගානේ මමයි අඩන්නේ...
ඒ ඔයාගේ ඒ හැම සුසුමකම මම ඉන්නවා කියලා මම හිතන නිසා...

මගේ ආදරේ ඔයා‍ නෙමෙයි කියලා ඔයාට ඉතින් කියන්න පුළුවන්ද...
ඔය ඇස් දෙක ඇරලා බලන්න....
මේ දුක් විදින හදවතේ අමාවක රැය... හැකිනම් සරසන්න...
බලා හිදිමි මම....
මියැදෙන හදවත යලි පණගන්නට...
නුඹේ සුසුමින්...වත්...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...