දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Monday, August 27, 2012

BRAIN WASH නොහොත් මොළ සේදීම

"මල්ලි  මල්ලි නැගිටින්න, මොකද උනෙ දැන් අවුලක් නෑ නේද? මොකද හරි නැද්ද තාම. හරි පොඩ්ඩක් ඉන්න ඔහොම"
"මචං මේ මල්ලිට පොඩ්ඩක් අවුල් ඩිංගක් බලපන් මම මොන හරි බොන්න දෙයක්  අරන් එන්නම්"
"හරි බං ඉක්මනට වරෙන් මට තනියම මූව බලන්න"
"ෆාමසියට ගියා ආවා"
"මල්ලි ඔහොම ඉන්න මොන හරි ඕන නම් කියන්න"
ඔහොම ඉන්න බම්බුව තමා එනකොට කොහොමද කිව්වෙ. මල්ලි මේක මරු පට්ට ගති. බම්බුව තමා.. මල මගුල.ශික්..
"මචං මල්ලිට නැගිටින්න කියපං බං මෙන්න මෙක දිපං බොන්න"
"මල්ලි මේක බොන්න මෙක බීවම ඕක ඇරිලා යයි"
"බොන්න බෑ අයියා."
"බෑ කියලා බෑ,මේක බීපන් නැත්නම් උඹට අද යන්න වෙන්නෙ නෑ"

යකෝ මම බෑ කියද්දි ඇයි මට තවමත් බල කරන්නෙ.....

"මල්ලි මේක අහපන්කෝ..."
ඔන්න පටන් ගත්තා මුගෙ දේසනාව,, ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#
"මුලදි අපිටත් ඔහොමයි මල්ලි ඕවා ගනන් ගන්න එපා බන්. ඔහොම වත් සෙට් උනෙ නැත්නම් කොහොමද බන් උඹ අපෙ සෙට් එකේ එකෙක් කියන්නෙ උඹ "
"ඔව් මචං අපි ඔක්කොම මේකෙ වල බැහැලා ඉන්න එව්වො නෙ බන් නිකන් චා වෙන්න බැ නෙ."
"ඔව් ඔව් බන් ඕවා ගනන් ගන්න එපා මල්ලි අයෙ ඊළග දවසෙ ඔහොම වෙන්නෙ නැ"
ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්# 
"මල්ලි දන්නවද මල්ලි සෙට් එකට සෙට් වෙන්න නම් මල්ලි සෙට් එකෙ විඩිහට හැඩ ගැහෙන්න ඕන හරිද? නැත්නම් මල්ලි ඔයාව ඒ සෙට් එකෙ ගන්න ගන්නෙ පො********** විදිහට හරිද?"
"ඒ වගෙම තමයි මල්ලි පොඩ්ඩක් අත දිගෑරලා වියදම් කරන්නත් ඕන"
යකෝ ඒ පාර මුන් දත ගලවන්නත් හදනවා....... අයියො සල්ලි
"එතකොට තමයි මල්ලි සෙට් එක ඇතුළෙ ඔයාව හොද ලෝස් නැති කොල්ලෙක් විදිහට පිළිගන්නෙ. නැත්නම් මල්ලි ඔයට වෙන්නෙත් අර ස***** ට වෙච්චි දේම තමා.. ඌ අපෙ සෙට් එකට ඇවිත් හෙනෙ පොර ටෝක් දුන්නෙ.. ඒ උනාට හෙන කුණා.. ඌ නිකන්ම සෙට් එකෙන් හලාල් කලා"
ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#
"හරි අයියා මට තේරෙනවා"
"අන්න මල්ලි හරි මල්ලි මල්ලිට ඔය තේරෙන්නෙ"
" එකනෙ මල්ලි කියන්නෙ මල්ලි ලෙසටම අපිත් එක්ක සෙට් උනොත් ආයෙ ගොඩම තමා. අපි ඉන්නවා ඕනම දේකට බොක්කෙන්ම."
(ඔන්න මටත් දැන් අයිඩියා එනවා..)  බලන්නකෝමෙයාල මට බොක්කෙන්ම ඉන්නවා  එළකිරි මමත් අද ඉදන් බොක්කෙන්ම ඉන්නවා අයියා.
හරි මමත් දැන් සෙට් එකේ කොල්ලෙක්. බජාර් එකේ හොද කකුලක්...ෆිට් පොරක්

මාරයි.........
මාරයි.........
තාම හිතා ගන්න බෑ මොකද උනේ කියලා.


වසර 5කට පසු
ඒ කාලෙ මම පිස්සු නටන්නෙ නැතුව වළ බහින්නෙ නැතුව හොදට ඉගෙන ගත්තා නම් මමත් අද හොද ජොබක් කරන් ආතල් එකේ ඉන්නවා නේ......දුක තමා රංජනී කිව්වලු.....
 ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ









10 comments:

  1. ඔය වගේ අය සැබෑවටම සමාජයේ ඉන්නවා. වෙනස් විදිහක නිර්මාණයක්. ලියන්න දිගටම.

    ReplyDelete
  2. ඔයල දෙන අදහස් මට මහ මෙරක් තටරම් වටිනවා....

    ReplyDelete
  3. අකුරු කියවන්න අමාරුයි සහෝ.. පාට පිරුණු ලෝකයක් නේ මේක.. :)

    වැඩේ කරගන යන්න.. එල..

    ReplyDelete
  4. බොහෝම ස්තුති සහෝ අදහසක් දුන්නට මටත් ඒක් පොඩ්ඩක් දැනුනා......

    ReplyDelete
  5. ඔන්න ඔබේ කොමෙන්ටුවෙන් මමත් ආවා...

    හිතට දැනෙන දේ අනිත් අයටත් දැනෙන්න ලියන්න... එවිට ඔබේ බ්ලොගියත් සාර්ථක එකක් වේවි!

    සුභ පැතුම්....

    ReplyDelete
  6. බොහෝම ස්තුතියි සිරා අයියා.....

    ReplyDelete
  7. හොඳ පෝස්ටුවක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති සාතන් අයියා...........

      Delete
  8. කියවන්න වටිනා පොස්ටුවක් රැකමන්ඩ් කොරන්න ඕනේ හැමෝටම මේක කියවන්න

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයලා වගේ අයගෙන් ලැබෙන උපදෙස් කෝටියක් වටිනවා........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...