දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Friday, June 1, 2012

අද ඔයාගේ මතක වලින් පිරිලා ගිහින්


දවස පටන් ගත්ත වෙලේ ඉදලා මග බලාගන හිටියේ ඔයා ඒවි කියල නෙවි අඩුම ගානේ කෝල් එකක් වත් දේවි කියලා

අනිත් හැම බලාපොරොත්තුවම බිදිලා යද්දිත් තාමත් මම දවස පටන්ගන්නේ කොයිවෙලේ හරි ඔයාගේ කටහඩවත් අහන්න ලැබෙයි කියන විස්වාසෙන්
ඒත් දවස් ගානකින් ඔයාට මාව නිකමටවත් මතක් වෙලා නෑ කියල දැනෙද්දී අනේ මගේ හිතට දැනෙන්නේ කියාගන්න බැරි දුකක්
කාලයක් මාව නොදක එක දවසක්වත් ඉන්න බැරිවුන ඔයාමද දැන් මම ඉන්නවද කියලා හොයන්නවත් ඕනිකමක් නැති තරමටම වෙනස් වුනේ කියල මට පුදුමයි
ඔයාගේ මතකෙන් ටිකෙන් ටික මාව අමතක වෙලා යද්දීත් මගේ මතකේ පුරාම එදාටත් වඩා අද ඔයාගේ මතක වලින් පිරිලා ගිහින්
අතේම තියාගන ඉන්න ෆෝන් එක දිහාට සරින් සැරේ ඇස් දිව්වේ මගේ කන් දෙකත් මට විස්වාස නැති වෙලා නිසා වෙන්න ඇති
මට ඇහෙන්නේ නැති වෙන්නවත් ඔයා කෝල් කාලද දන්නේ නෑ කියලා හිත කියන නිසා
ඒත් ඒ බලාපොරොත්තුවත් බිදිලා යද්දී ඇස් දෙකට කදුළු පුරවගන අද දවසටත් සමු දෙන්න සිද්ද වෙලා
ඊයේ අද වගේම හෙටත් මම මග බලන් ඉන්නේ ඔයා ගැන බලාපොරොත්තුවෙන් කියලා ඔයාගේ මතකෙන් ගිලිහුන මම කොහොමද ඔයාට කියල දෙන්නේ...........

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...