දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Thursday, June 21, 2012

රෑ සඳ පානේ ඔච්චම්


රෑ සඳ පානේ ඔච්චම් කරනා

දහසක් තරුකැට සරදම් කෙරුවා
මම ඔබ හින්දා වැළපෙනු දැකලා
සඳ එළියත් අඩවන් වී දිලුණා



ඔබේ සුමුදු වත සුවඳට තුරුලුව
ගෙවුණා මතකයි දෙදිනක් හෙමිහිට
අද මා පමණයි ඔබ නෑ තනියට
උහුලා ගන්නම් එනතුරු තුරුළට



දෙනුවන නිතරම ඔබව සොයනවා
හදවත හැමවිට ඔබම පතනවා
දෑසම මුතු කඳුළින් බරවෙනවා
සඳ එළියට මගෙ දුක් මුමුණනවා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...