දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Friday, June 1, 2012

අද ඔයාගේ මතක වලින් පිරිලා ගිහින්


දවස පටන් ගත්ත වෙලේ ඉදලා මග බලාගන හිටියේ ඔයා ඒවි කියල නෙවි අඩුම ගානේ කෝල් එකක් වත් දේවි කියලා

අනිත් හැම බලාපොරොත්තුවම බිදිලා යද්දිත් තාමත් මම දවස පටන්ගන්නේ කොයිවෙලේ හරි ඔයාගේ කටහඩවත් අහන්න ලැබෙයි කියන විස්වාසෙන්
ඒත් දවස් ගානකින් ඔයාට මාව නිකමටවත් මතක් වෙලා නෑ කියල දැනෙද්දී අනේ මගේ හිතට දැනෙන්නේ කියාගන්න බැරි දුකක්
කාලයක් මාව නොදක එක දවසක්වත් ඉන්න බැරිවුන ඔයාමද දැන් මම ඉන්නවද කියලා හොයන්නවත් ඕනිකමක් නැති තරමටම වෙනස් වුනේ කියල මට පුදුමයි
ඔයාගේ මතකෙන් ටිකෙන් ටික මාව අමතක වෙලා යද්දීත් මගේ මතකේ පුරාම එදාටත් වඩා අද ඔයාගේ මතක වලින් පිරිලා ගිහින්
අතේම තියාගන ඉන්න ෆෝන් එක දිහාට සරින් සැරේ ඇස් දිව්වේ මගේ කන් දෙකත් මට විස්වාස නැති වෙලා නිසා වෙන්න ඇති
මට ඇහෙන්නේ නැති වෙන්නවත් ඔයා කෝල් කාලද දන්නේ නෑ කියලා හිත කියන නිසා
ඒත් ඒ බලාපොරොත්තුවත් බිදිලා යද්දී ඇස් දෙකට කදුළු පුරවගන අද දවසටත් සමු දෙන්න සිද්ද වෙලා
ඊයේ අද වගේම හෙටත් මම මග බලන් ඉන්නේ ඔයා ගැන බලාපොරොත්තුවෙන් කියලා ඔයාගේ මතකෙන් ගිලිහුන මම කොහොමද ඔයාට කියල දෙන්නේ...........

ඔයාට ආදරේ කලාට මට ලැබුන..... දඩුවමද,තෑග්ගද


මම හිනා වෙන්න හදන හැම වෙලාවකම....
කොහෙ හරි ඉදලා කදුලක්‌ ඇවිත් මාව අඩවනවා...

ඊයේ,අද වගේම හෙටත් වෙන්නෙ ඒකමයි.
හැමදාම හිතට බල කරල කියනව.....
එකම බොරුවට ආය ආය රැවටෙන්න එපා කියලා 
ඒත් හිත මම කියන දේ පිලිගන්නෙ නෑ. 
ඔයාට මම ආදරේ කල එක වරදක්‌ද?ඒකද ඔයා මට බොරුම කලේ.....,
ඔයාට ආදරේ කලාට මට ලැබුන.....
දඩුවමද,තෑග්ගද කදුලු කියනවත් මම දන්නෙ නෑ...
ඒත් මම දන්න එකම දේ තාමත් මම ඔයාට හරී ආදරෙයි.....

මුරණ්ඩු කම්

ගේ හිතුවක්කාර කම් මුරණ්ඩු කම් මේ තරම් ඉවසන්න පුලුවන් ඔය අහි0සක හිතට විතරමයි රත්තරන්.....මට දුක හිතුනහම ලගට ඈවිත් ආදරේන් තුරුලු කරගෙන සනසන්න පුලුවන් වෙන හිතක් කොයින්ද ඔය තරම්ම.....ම0 වෙනුවෙන් ආදරේ විතරක්ම පිරිල තියන ඔය හිත කොයි තරම් මට වටිනවද....කියා ගන්න බෑරි තරම් ආදරේ කරන්නේ එකයි මගේ රත්තරන්ට......
ආදරෙන් ලගට ගෙන මගේ හිස අත්ගාන්න
දගකාර කම් නිමක් නෑතිවම ඉවසන
දුකක් දෑනුනම අන් හදක් නෑත තුරුල් වන්නට
නුඹේ අහි0සක උණුසුම් සුසුම් පොද හෑර......

Related Posts Plugin for WordPress, Blogger...