ඔයා කියන හැම දේකින්ම හිතට දුක දැනුන වස්තු....සද්ද නැතිව ඔයා කියන දේ අහගන ඉන්නවා ඇරුනම මට කියන්න දෙයක් නෑ කියල හිතුනා....එත් දුක දැනුන හිතට ඒක තනියම දරාගන්න බැරි නිසා ඇස වලින් කදුළු කඩා හැලෙන්න ගත්තේ මගේ අසරණකමට කියලවත් ඔයාට හිතුනේ නැද්ද....ජිවිතේට ඕනිම කියල හිතෙන දේවල් බලාගන ඉද්දීම නැතිවෙලා යනවනම් ඒක කොච්චර දුකක්ද කියල කියන්නේ කොහොමද මම....මෙච්චර දුකක් හිතේ තියාගන මම අඩද්දීත් ඔයාගේ හිත උණු නොවෙන්න තරම් ගලක් වුනේ කොහොමද වස්තු....ඔයා මගේ ඇස ඉස්සරහට ඇවිත් කියනවා "හිත හදාගන සතුටින් ඉන්න මම යනවා" කියල.....කෑලි එකතුකරලා හදන්න බැරිවෙන තරමටම කැඩුන හිත......පුලුවන්නම් හදල දීලම යන්න....දුක ඇරුනම වෙන කිසි දෙයක් නොලැබෙන බව දන දැනත් අතීතය දිගේ දුවන්න බලන් ඉන්න හිතට අතීතය තහනම් කරලා දෙන්න......එහෙම කලොත් මම සතුටින් ඉන්නම්....
No comments:
Post a Comment