දවස පටන් ගත්ත වෙලේ ඉදලා මග බලාගන හිටියේ ඔයා ඒවි කියල නෙවි අඩුම ගානේ කෝල් එකක් වත් දේවි කියලා
අනිත් හැම බලාපොරොත්තුවම බිදිලා යද්දිත් තාමත් මම දවස පටන්ගන්නේ කොයිවෙලේ හරි ඔයාගේ කටහඩවත් අහන්න ලැබෙයි කියන විස්වාසෙන්
ඒත් දවස් ගානකින් ඔයාට මාව නිකමටවත් මතක් වෙලා නෑ කියල දැනෙද්දී අනේ මගේ හිතට දැනෙන්නේ කියාගන්න බැරි දුකක්
කාලයක් මාව නොදක එක දවසක්වත් ඉන්න බැරිවුන ඔයාමද දැන් මම ඉන්නවද කියලා හොයන්නවත් ඕනිකමක් නැති තරමටම වෙනස් වුනේ කියල මට පුදුමයි
ඔයාගේ මතකෙන් ටිකෙන් ටික මාව අමතක වෙලා යද්දීත් මගේ මතකේ පුරාම එදාටත් වඩා අද ඔයාගේ මතක වලින් පිරිලා ගිහින්
අතේම තියාගන ඉන්න ෆෝන් එක දිහාට සරින් සැරේ ඇස් දිව්වේ මගේ කන් දෙකත් මට විස්වාස නැති වෙලා නිසා වෙන්න ඇති
මට ඇහෙන්නේ නැති වෙන්නවත් ඔයා කෝල් කාලද දන්නේ නෑ කියලා හිත කියන නිසා
ඒත් ඒ බලාපොරොත්තුවත් බිදිලා යද්දී ඇස් දෙකට කදුළු පුරවගන අද දවසටත් සමු දෙන්න සිද්ද වෙලා
ඊයේ අද වගේම හෙටත් මම මග බලන් ඉන්නේ ඔයා ගැන බලාපොරොත්තුවෙන් කියලා ඔයාගේ මතකෙන් ගිලිහුන මම කොහොමද ඔයාට කියල දෙන්නේ...........
No comments:
Post a Comment