දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Thursday, September 6, 2012

ඉගුරු පියලි කොත්තමල්ලි සාදික්කා වසාවාසි-" මල්ලි කමුද විටක්"

" විටෙ විටෙ විටේ....... සාර විටෙ....."
අප්පෙ කොහොමද බොලන් විට ඩිංගිත්තක් හපන්න ඇත්නම් පංකාදු පහයි නේද?
ඈ ම්ල උඹලා හිතන්නෙ බොල විට කන මම 60 ඇනපු නාකියෙක් කියලද බොල.. නෑ බොලව් මම තාම 20 පැනපු ගමන් ඉන්න නාඹර් කොල්ලෙක්..
ඒ ගමන තොපි හිතයි මට පිස්සු හැදිලද කියලා......
නෑ නෑ මචං.. මම තාමත් යහපත් සරීර සවුක්කයෙන් ඉන්නව මචන්..
මම මෙ කියන්න යන්නෙ අද කාලෙ කොල්ලො අතරෙ තියෙන මෙ විට මම ගැන..
ඈ මොකෝ උඹලා හිතන්නෙ විට කන්නෙ වයසට ගිය උදවිය විතරක් කියලද? නෑ නෑ මෙ පොස්ටුව කොටන ගමනුත් හොද විටක් හප හපා ඉන්නෙ..
ආ මොකද හිනාවෙන්නෙ උම්බල හිතන්නෙ මම ගොඩයෙක් කියලද?
අපෙ ගම් පලාත් වල ගොඩාක් කොල්ලො දැන් විට කනවා. හැබැයි සිගරට් බොන එක නවත්වලා..
මළ ගෙදරට ගියත් සෙට් එකම සෙට් වෙන්නෙ ඉලත්තට්ටුව ගාවට.. 
සෙට් වෙල යහමින් විටක කලා ඒම කාඩ් පැක් එකක් ගාවට හරි කැරම් බෝඩ් එකක් ගවට හරි කිට්ටු වෙල එලි වෙනකන් නයිටක් ඇද්හැකි... මළ ගෙදරට කියාපු බෙහෙත තමා අපෙ සෙට් එකට බුලත් විට. මොනව තිබ්බත් වැඩක් නෑ බුලත් විටක් නැත්නම්...
විට කියන්නෙ අපෙ ලංකාවෙ වෙනස් ම උප සංස්කෘතියක් තියෙන දෙයක් තමා බුලත් විට කියන්නෙ...
ගොයම් කයියට, දානෙට,මගුලට,මරණෙට,පිරිතට නැතිවම බැරි දෙයක් තමා බුලත් විට..

ගමේ මළගෙයක් උනොත් මගුලක් උනොත් මොනයම් කටයුත්තකදි මුලින්ම කරන දෙ තම බුලත් විට එක්ක ඉලත්තට්ටුවක් තියන එක. මෙතනදී බුලත් තියන විදිහ එහෙම වෙනස් වෙනවා.. එ කියන්නෙ මල ගෙදරකදී එහෙම බුලත් තියන්නේ මුනින් අතට නවලා...


ඉස්සර නම් අපෙ සිංහල හැම මිනිහෙක් ගාවම වගෙ බුලත් මඩිස්සලයක් තිබ්බා. දැන් එක එන්න එන්න මගඇරිලා ගිහින්.. ඒත් තාමත් අපෙ සීයලා මාමලා ගව එහෙම බුලත් මඩිස්සලේ තියෙනවා. ඉස්සර කවුරු හරි මූණට මුලිච්චි උන ගමන් අහන්නෙ"ඈ බොලන් බුලත් විටක් වත් කමුද?" කියලා. ඒහෙම අහන එකෙන් තියෙන බැදීම වැඩි උනා මිසහක් කවුරුත් හිතේ කහටක් තියගන්නේ නෑ.

 මෙහෙම කියන කොට තමා මට නියම කතාවක් මතක් උනේ.
"ඔන්න දවසක් අපි 4 දෙනා මල ගෙදරක යන්න සෙට් උනා.. ආ අපි හතර දෙන කව්ද කියලා කීවෙ නෑ නොවැ. අපි කිව්වෙ මමයි, සුද්දයි,පොඩ්ඩයි, රවි යයි. මෙතනින් සුද්දයි,පොඩ්ඩයි සහෝදරයො.එකෙක් රජයේ සේවකයෙක් අනිකා උපාධිධාරියෙක්, රවියා එළ කොල්ලෙක්. ඔන්න දෙන් අපි තුන් දෙනා ගමන යන්න පිටත් වෙන්න සුද්දාගෙ ගෙදරට සෙට් උනා. සෙට් උන ගමන් කලෙ හොද විටක් එකහෙම කටෙ දාගෙන ඒ හක්කටයි මේ හක්කටයි දදා වල් පල් කියො කියෝ හිටියා. එ ඉන්න ගමන් සුද්දා පුවක් කපනවා අරන් යන්න. මම ඇහුවා මොකො සුද්දො පුවක්, මකෝ මළ ගෙදර විට නැතෙ කියලා. ඌ කීවා එ පාර නැ බන් ඔය පැත්තෙ එවුන් විට කනවද නැද්ද දන්නෙ නෑනේ,කෝකටත් ලෑස්ති පිටම යමු කියලා.හෙන බුලත් විට මල්ලකුත් අරන් අජානේය අශ්වයගෙ පිටේ නැගලා යන්න පිටත් උනා.(ඒත් විටක් එහෙම කාලා කට රතු කරගෙන) කොහොමත් පැය 2ක ගමනකින් මළගෙදරට සේන්දු උනා. අගනුවරට ටිකක් ආසන්න පැත්තක තිබුනෙ මළගෙදර,දැන් අපි මළ ගෙදර ඇතුලට යනවා, අපි ගවින්ම පොඩි කසු කුසුවක් අහුනා, මම ශේප් එකෙ ඒ පැත්තට ඇන්ටනාව දැම්මා.සැහ් මාර පොශ් ගෑනු දැරිවියො ටිකක් අපිව පෙන්න පෙන්න හිකි හිකි ගානවා. මොන මළ දානයක්ද දන්නෙත් නෑනෙ. අපි 4දෙනා දැන් පෝලිමට ඇතුලට යනවා. ඒත් අරුන් ටික හිකි හිකි ගානවා.. දැන් මට මේක හෙන පුරස්නෙ. මම කෝකටත් කියල ඉස්සරහා අතගාලා බැලුවා. සිප් එකවත් ඇරලද කියලා. ම්හු ඒකෙ වරදකුත් නෑ. යකෝ එහෙනම් මුන් මොන මගුලටද හිනා වෙන්නෙ.. මට දැන් මළ අසූහාරදහට. අපි කොහොම උනත් ලැජ්ජ බයට හැදුන කොල්ලො හා.......
අපි දැන් අවසන් ගරු බුහුමන් දක්වලා එහෙම එලියට ඇවිත් අහල පහල තියලා තිබුන පුටු 4ක් අරගෙන ඉදගත්තා. 
ඔන්න දැන් ඉදගෙන නයි එහෙම ඇර ඇර ඉන්නකොට ඔන්න එනවා අර පොශ් ගැනු දැරිවියො ටික එනවා මෙන්න කූල් ඩ්‍රින්ක් අරන්. අපි නොදන්න චෙස් කිව්වලු.. අපිත් ඉතින් ඇහැ පොඩ්ඩක් දාලා පනාව දැම්මා. සැහ් මොන කිසිම ප්‍රතිචාරයක් නැහැ, ඒ උනත් කිචි බිචි හිනාව නම් දානවා..  දැන් අපි ගත්තා බීම වීදුරුව ගානෙ. 

උන් ටිකත් ආයේ අර දිරවන් නැති හිනාව දාගෙන ගියා..
එක අස්සෙ සුද්දා මගෙ කනට කොරලා කියනවා
"ඈ බොල ගල් මයිනො බීම බොන්නෙ කොහොමද යකෝ කට හොදගන්නෙ නැතිව"
මළ හුට්ටප්පරයයි යකෝ කටෙ විට නේ..
වට පිට බල බල ඇඹරෙනකොට දැක්කා අර අපිට බීම ගෙනපු නංගි එනවා.. මම රවියට පෙන්නුවා..
ඌ ඇවිත් කොහොමත් ඇඹා නේ ඌ පුරුශ දහිරිය අරන් ඒ නංගිට කත කොරලා මෙහෙම කියනවා..
"මේ නංගියා අපි මේ ගොඩාක් ඈත ඉදන් මේ එන්නෙ.. ඉතින් අපිට තරහා නොවි හොද  ඇල්වතුර එකක් ගෙනත් දෙන්නකෝ"
"ඈ අයියා වතුර ඇයි.. කූල් ඩ්‍රින්ක් බොන්නකො. මොකෝ වතුර බොන්නේ"
යකෝ මේකිට කිවුවහම කියපු දේ කරන්නෙ නැතුව උපදෙස් දෙනවා ශික් මගුල..
එතකොටම රවියා කියනවා..
" එහෙම නෙවේ නගා අපිට මේ කට හොදගන්න" කියලා.
" ආ ඒකද අයියා කොහොමත් මට හිතුනා ඔයාලා ඈත ඉදන් ආවා කියලා.. නැත්නම් මෙහෙ කොල්ලො කොමත් විට කාගෙන කොහොමත් මේ වගෙ තැන් වලට එන්නෙ නෑ" ඉන්න මම වතුර එකක් අරන් එන්නම්."
 ඔන්න ඒ ලමයා වතුර එකක් ගෙනත් දුන්නා.. අපිත් කටවල් හෝදලා දාලා බීම එක එහෙම බීලා ඕමියක් බලන්න ගත්තා. ඒ අස්සෙ පොඩ්ඩා විටක් කන්න හදනවා අපිටත් නිකන් ඉන්න බෑ නෙ. කෑවා විටක්. යකෝ විට කෑවට වඩා හොදයි නිකන් උන්නානම්. විට කාලා කෙළ ගහන්න තැනක් නෑ කියපංකො. වටේම කොන්ක්‍රිට් දාලා.. මළ කෙළියයි බොහොම අමාරුවෙන් කෙළ ටික ගිල ගිල උන්නා. මරු වැඩේ. එතකොටම ඒ ගෙදර නැන්දා ආවා. මරු වැඩේ එකෙක්ට වත් කතා කොරන්න බෑ කටේ විට. 
බොහෝම අමාරුවෙන් බොහ් බොහ් ගගා කතා කොලා. ඊට පස්සෙ ආයේ  අරුන් ටික ආවා අරුන් කිව්වෙ අර පොශ් කෙල්ලො ටික. අපි ගාවින්ම ඉදගෙන මෙහෙම කියනවා අපිට ඇහෙන්න...
"වන්නියෙන්ද කොහෙද ඇවිත් තියෙන්නෙ, බලන්නකො අනෙ විට කාලා ගොඩයො වගෙ, ඒමදිවට පල්සර්  වල එන්නෙ.. ඈක්කා මෙයලා විට කාලා නාකි වගෙ.." ඔන්න ඔය වගෙ කත දැන් දැන්  අපෙ කර්ණපටහා පටල තුල දෝංකාර දෙනවා.
ඔන්න පොඩ්ඩා නැගිට්ටා මම දන්නවා මූට දැන් මළ පැනලම තමා නැගිට්ටෙ කියලා.පොඩ්ඩා මෙන්න මෙහෙම කිව්වා.
"ඔයාලා ලංකාවෙ ඉපදුන කට්ටියද?"
"ඔව්"
"ඔයාලා සිංහලද?"
"ඔව්"
"කොලඹින් පිට ගමකට ගිහින් තියෙනවද?"
"ඔව්"
"කොහෙට ද?"
"රත්නපුරෙ ටවුන් එකට"
"එතනින් එහා ගමකට ගිහින් නෑ නේ?"
"ඔව්"
"ජොබ් එකක් කරනවද?"
"නෑ"
"එහෙනම් මෙ ටික හොදට අහගන්න නංගි,අපි 4 දෙනාම ඈත ගමක බව ඇත්ත,ඒ උනට අපි හොදට ඉගෙන ගෙන තියෙනවා,මම උපාධියක් තිටෙන මැනෙජර් කෙනෙක්,මගෙ අයියා මේ ඉන්නෙ මෙයා එකවුන්ටන් කෙනෙක් මහ බැංකුවේ,මේ ඉන්නෙ අපෙ හොදම යාලුවො බිස්නස් කරන්නේ.. අපි විටක් කෑවට ඔයාලා අපිව ගොඩේ කියලද හිතන්නේ. අපි හොද සිංහල ලේ තියෙන කොල්ලො නංගි. අපි මෙ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු. නංගි පිටින් කවදාවත් මිනිහෙක් මනින්න එපා. ඔයලා කොළඹ කියන එක ඇත්ත. අපි ගමේ. ඒ උනාට අපි ආඩම්බර වෙනවා ගමේ මිනිහෙක් උන එක ගැන."
"අපි යන්නම් නංගි"
ඔන්න එදා මළ ගෙදර ගිහින් උන වැඩේ...
ඇත්තටම විට කන ඔක්කොම ගොඩේ එව්වොද?


23 comments:

  1. මරු කතාව බං. මේක කියවන්න ගිහින් තව පොඩ්ඩෙන් මගේ මොනිටරේ ස්ප්‍රේ වෙනවා කටේ තිබ්බ විට එලියට පැනලා.

    …මමත් ගොඩක් වෙලාවට විටක් නම් කනවා. රොබර්ට් නොක්ස් ගෙ එදා හෙළදිව පොතේ විට කෑම ගැන සඳහන් වෙලා තියනවා. ඒ කාලේ (ක්‍රි. ව. 1660) විට කන්නේ නැති අයට විට කන අය සමච්චල් කරනවලු "දත් ටික බලු දත් වගේ" කියලා.

    …තව දුටුගැමුණු රජතුමා යුද්දෙට යනකොටත් විටක් කකා ලු නේ ගියා කියන්නේ. :)
    …කොහොමත් සිගරට් බීම වගේ අවුලක් නෑ මම් හිතන්නේ විට. දුම්කොල නම් පිලිකා කාරකයක් ලු.

    …නියම ලිපියක් ජය!!

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපි ලංකාවේ ඉපදිලා මේ පොලොවේ පය ගහලා ජීවත් වෙලා මේකටම පස් වෙලා යන මිනිස්සු නේ අයියා

      Delete
  2. එකෙන්ම එල කතාවක් ජය වේවා

    ReplyDelete
  3. පොඩ්ඩා දීලා තියෙනවා නියමම උත්තරේ... අපේ උන් නම් ඔය අතරමග හම්බවෙන එක ගවුම් කෑල්ලක් වත් පයිසෙකට මායිම් කරන්නෙ නෑ... බුලත් විට කාලා කෙළ ගහන්න තියෙන කම්මැලි කම නිසාම මම නම් බුලත් විට කන්න ආසා නෑ...

    ReplyDelete
  4. මම නම් විට කනවා.ඒ නිසා ඇතැම් තැන් වලිදි මාත් අපහාසයට ලක් වෙලා තියෙනවා.සිංහල මිනිස්සු විදිහට විට නොකෑවොත් ඌ .... අනේ මන්දා..

    ReplyDelete
  5. මැක්ස් පෝස්ට් එකක්...

    ReplyDelete
  6. අම්මපා අර අන්තිම කතාව කිව්ව එකාව මට පොඩ්ඩක් මුණ ගස්සපන්... ඇත්තමයි ඔබනවා පැණිම පැණි රහ සාර විටක්.

    කෙල්ල ටොයිං වෙලා යන්න ඇති ටෝක් එකට.

    සිරාවට මමත් හෙන ආසයි විට කන්න. අපේ තාත්තනං කනවා. මම කන්නේ නැත්තේ විට කාපුවාම මට කන ඒවයේ රහ දැනෙන්නේ නැති හින්දා. එ උනාට හොද සාර විටක් ආවොත් අපි නං නිකන් අරී :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරි සාර බුලත් විට කාලා බලන්..
      පොඩි මල්ලි වරෙන් පොඩි නංගි වරෙන්..
      කට සුවද කරයි දත් පනුවෝ නොකයි.....

      Delete
  7. මමනම් විට නොකමි... හැබැයි විට එකා ගොඩයෙක් යන්න හෙළාදකිමි... අපේ සංස්කෘතිය පරිසරය එක්ක බැඳුනු දෙයක් විහිළුවට ලක්කිරීම කැතයි...
    හැබැයි උදේ පාන්දර බස් එකකට ගොඩ උනාම කොන්ද විටක් හප හප කොහෙටද අහද්දිනම් එපාවෙනව... කෙළගහන වැඩෙත් කේස්නෙ... ඔය පොඩි පොඩි අවුල් විටකන කෙනා හිතනවනම් අවුලක් නෑ...
    නංගිලගෙ මූණූ විට වගේ රතුවෙලා යන්න ඇති... හික්...

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට මමත් එකග වෙනවා.. අපි කරන හැමදෙයක්ම අනුන්ට කරදරයක් නොවෙන්න අපි බලාගන්න ඕනි. මගේ අදහස නම් ඒකයි සහෝ

      Delete
  8. මම බුලත් විට නම් කන්නෙ හරිම අඩුවෙන්. නමුත් ගෙදර ගියාම විටක් කන්න ලැබෙන අවස්ථාව අතඅරින්නෙ නෑ. බුලත් විට කෑම මුඛ සෞඛ්‍යයට එච්චර හොද නෑ. ඒක නිසා බුලත් විට කාලා රෑ නිදාගන්න කලින් හොදට දත් මදින්න ඕන. ජය...!

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර විට කෑවත් අනිවා රෑට දත් ටික හොදට මදිනවා..

      Delete
  9. පොස්ට් එක හොදා එත්..... ඇදගෙන නැමකුත් තියනව මෙතන හික්ස් ....... "සිග්නල් සමග දවසට දෙවරක් දත් මදින්න "

    ReplyDelete
  10. මමනම් විට කන්නේ නැහැ ඒ උනාට අපේ කවුරු හරි කනවනම් බුලත් කොලේ නැට්ට කඩන්කන ඒක තමා මගේ සිරිත ,හොදවයින් කියපු එකනම් හොදා ඌත් මම වගේම පොරක් ....

    ReplyDelete
    Replies
    1. අනිවා....... මේ මම අහන්නමයි උන්නේ කො අනිත් සෙට් එක

      Delete
  11. අර පොස් (ෆොෂ් නෙමෙයි )නංගිලාට දීලා දීලා තියන උත්තරය මරේ මරු.
    // බුලත් විටක් හපමින් //

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...