මම හිමින් හිමින් ඉස්කෝලේ තාප්පෙ ගාවට කිට්ටු කළා.. යන්තම් රබර් ඇහැ දාලා බැලුවා මොකෝ සිටුවේශන් එක කියලා.පෙනන විදිහට සියල්ල නිවැරදි සම්පූර්ණයි.
"හිතවත් නරඹන්නෙනි තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට යන්නේ මහා හොරා පොලිස් ක්රිඩාවයි"
***දඩාං****
"මොන @$@$%$$ යකෝ කොන්දට ගැහුවේ?"
යකෝ මේ මගෙ අතිජාත මිත්රයා ජෙමා නොහොත්...... නම කියන එක හරි නෑනේ..
"ඈ බොල ජෙමෝ තෝ මේ ඉස්කොලේ අල්ලපු වැටේ ඉන්න එකා.තොට බැයිද පාන්දර බැරි නම් බෙල් එක ගහන කොටවත් එන්න යකෝ"
"දැන් මම තෝත් එක්ක අහු උනොත් අම්බානෙකට කනවා"
"හරි හරි යකෝ උඹ බයවෙන්නේ නැතුව හිටපන් අද ලොකු සර් නිවාඩු."
"අනෙ පල මේ එලිවෙනකොට නයි අරින්නේ නැතුව"
"හරි හරි යකෝ තව මෙතන කියෝ කියෝ ඉන්නේ නැතුව පනිමු බන්"
"හරි ඉදපන් ඉදපන් මොකෙක්වත් නෑ ඉක්මනට පනිමු"
ඔන්න දැන් අපි ඒ හෝල් එකෙන් මෙ හෝල් එකට මෙ හෝල් එකෙන් එ හෝල් එකට මාරු වෙවී පන්තියට ගියා.
කිරි අප්පට බල්ලො පැනපි කිව්වාලු. අද අපෙ සෙට් එකම ෆුල් ෆන් එකේ. අද අපෙ සෙක්ශන් එකේ සර්ලා මිස් ලා කට්ටියට සෙමිනා එකක් ලු. කනට මී පැණි වක්කරා වගේ ඒක ඇහුවහම. පාන්දරම සෙට් එක ලෑස්ති වෙනවා අපේ ජාතික ක්රිඩාවට. රටේ ජාතික ක්රිඩාව වොලි බෝල් උනාට අපෙ සෙට් එකේ ක්රිඩාව ක්රිකට් නොවෑ.
දැන් අපි සෙට් එකම පිට්ටනියෙ. ටිකක් වෙලා අපි ක්රිඩාව කොරගෙන යනොකට එකෙක් කියනවා මචං එහා වත්තේ නියම කෙහෙල් කැනක් තියෙනවා යමුද බලන්න කියලා..
ඔන්න දැන් කට්ටියම යනවා කෙහෙල් කැන බලන්න,
මග දිගට ආරක්ශක භටයෝ රදවලා.. අපි 4 දෙනෙක් පැන්නා වත්තට.. සෑහ් කියලා වැඩක් නෑ නියම කෝලිකුට්ටු කැන.මුල ඇවරිය ඉදිලා. දුකේ බෑ සත්තුවත් කෑවොත්.
ඒක අස්සේ ජෙමා කියනවා,
"මචෝ මෙක මෙහෙම තියලා යන්න බෑ, හොරු කපයි. අපි ආරක්ශාවට මෙක කපලා අරන් යන්"
"ඒත් බන් කෝ පිහියක්"
"උඹ ඉදපන්කෝ මම පිහියක් අරන් එන්නම්"
මූ කරපු වැඩේ එතනම එහා පැත්තෙ තියෙන ගෙදරට ගිහින් ඉස්කෝලෙ වැඩකට කියලා පිහියක් අරන් ආවා.
දැන් අපි සියලුම දනා එකා වන් ව එකතු වෙලා සයොගයෙන් සද්ද නොනගා කෙහෙල් කැන බිමට බෑවා පස්සෙ එතනදිම ඇවරි වලට වෙන් කරලා පන්තියේ අපෙ ලොකර් එකට ගෙනත් දැම්මා අමු ටික. ඉදුන ටිකට වග කියලත් ඉවරයි ඒ වෙනකොට.
ඊට පස්සේ දැන් මුන්ගේ පම්පෝරිය. එකත් අහගෙන ඉදලා කස්ටිය දෙයියනේ කියලා ගෙවල් බලා ආවා.
ඔන්න ඊට පස්සේ පහු වෙනිදා සුපුරුදු විදිහට 8 කනිසමටහ් පස්සෙ ඇහැරිලා. අම්මගෙන් සද්ද පූජාවකුත් අහගෙන ඉස්කෝලෙ ආවා.
පලවෙනි පීරියඩ් එක ඉවරයි, දෙවෙනි එක පටාන් ගන්නයි යන්නෙ.
මෙන්න එවේලේ නොදැකිය යුතු පුද්ගලයෙක් එනවා පන්තියට,
බඩුම තමා..
බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
ආපු ගමන් ජෙමාට කතා කලා නියම නම කියලා..
උ එනවා පව් අහිංසක බක බක..
එක්කන් ගියා ඔෆිසියට..
අපිව ගැහෙනවා නිකන්.... වැඩක් නෑ කියලා..
මිනිත්තු 10ක් විතර ගියාම එනවා අංශ භාර සර් අතෙ නම් ලිස්ට් එකක්..
බඩුම තමා..
සෙට් එකම එක්කන් ගියා ඔෆිසියට. නඩුකාර උන්නාන්සෙ ආසන ගත වෙලා..
පැමිනිලිකරැ:- සියදෝරිස්'
විත්තිකරුවන්:- බ්ලා බ්ලා බ්ලා බ්ලා අපි
සාක්සි කරු :- ඊයෙ පිහිය ඉල්ලගත්ත ගෙදර මාමා
නඩුව අහන්න පටන් ගන්නයි යන්නේ.
ප්රින්සිපල් :- තමුන්ලා මෙයගෙ කෙහෙල් කැනක් කැඩුවද?
අපි: නෑ සර්.........
ප්රින්සිපල් :- එහෙනම් මේ කියන්නේ..
සියදෝරිස් :- අනේ සර් බලන්න හොදට පැහිලා තිබ්බ කෝලිකුට්ටු කැන මුන් එක කපන් ගිහින් නේ
ප්රින්සිපල් :- මෙ බලනවා තමුන් ලා ඇත්ත කියනවා
සියදෝරිස් :- සර් මෙයාලගෙ ගෙදරින් පිහියකුත් අරන් ඇවිත් තියෙනවා මේ උස කොල්ලා(ජෙමා පෙන්වමින්)
ජෙමා: අපි කැඩුවේ නෑ සර්
ප්රින්සිපල්: තමුන්ලා මට බොරු කියන්න එපා
ජෙමා:ඇත්තම තමා සර් අපි කැඩුවේ නෑ සර්
සියදෝරිස් : සර් මුන් ටිකම තමා මේ උස එකා තමයි පිහිය අරන් ඇවිත් තියෙන්නේ
අනිත් මාමා : ඔව් සර් මේ ළමයා තමා පිහිය අරන් ආවේ. ඉස්කෝලේ වැඩකට කියලා.
ප්රින්සිපල් : තමුන්ලා තවත් කියන්නේ නෑ කියලද?
ජෙමා : ඇත්තම තමා සර් අපි කැඩුවේ නෑ සර්, කැපුවා විතරයි
ප්රින්සිපල් : තොපි සෙරම එකයි, ගෙවපිය මේ මිනිහට කෙහෙල් කැනට සල්ලි.
අන්තිමට අපි අතෙ තිබ්බ තඹ දොයිඉතුවත් එකතු කරලා අර මනුස්සයට ගෙව්වා. එ මනුස්සයා කෝලිකුට්ටු ගනන් කියලා රුපියල් 600ක් ඉල්ලුවා නේ...
පැය කිහිපයකට පසු;
ප්රින්සිපල් : තමුලා ඇයි ඒ මනුස්සයගේ කෙහෙල කපන්න ගියෙ. මේ ඉස්කෝලේ වත්තෙ තියේන එකක් කපන් කන්න එපැයි.
අපේ එකෙක්: ඒත් සර් ඉස්කෝලෙ කෝලිකුට්ටු නෑ නේ. සීනි කෙල් කන්න බෑ. ඔන්න සර් කෝලිකුට්ටු වැව්වොත් කපන් කන්න බැරියෑ...
බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
ප්රින්සිපල් : තොපෙ ඔක්කොමත් හොදයි කටවල් තමා නරක
බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
යකෝ සියදෝරිස් ටත් පාඩු නෑ වගේ!
ReplyDeleteඔව් අෆ්පා එය කිව්වා නේ කෝලිකුට්ටු ගනන් කියලා...
Deleteකෝලිකුට්ටු කැන් දිහා බලාගෙන නිකන් කොහොමද....??? අංකල් කාරය තමයි වැඩේ කාලා තියන්නේ :D
ReplyDeleteඒකනේ අයියා.. මොකො අපි ඕක ගෙනවෙ හොරුන්ගෙන් බේර ගන්න නේ
Deleteප්රින්සිපල් හොද මුනියා නේ????????
ReplyDeleteඑයා අප්පා හොද මුනියා තමා.. අපිලට හලි ආඅදලේ නොවෑ..
DeletePatta seen eka. Apith oya widihatama kurumba keduwa..
ReplyDeletePricìple ehuwa "kawuda gahata negge" kiyala....uta gahanna.. Ape ekek kiwa "negge ne sir kekkakin api okkomala keduwe" kiyala..
එළ එළ
Deleteප්රින්සිපල් තාම ඒ ඉස්කෝලේ ඉන්නවද ? :D
ReplyDeleteනෑ දැන් නම් පැන්සන් ගොහින්
Deleteඋඹලත් අපි වගේ මයි දත කට පූට්ටුවෙන ගේම් මයි දෙන්නේ ආහ්...පට්ට කථාව ඈහ්
ReplyDeleteඅපි ඔක්කොම කොල්ලෝ නේ සහෝ
Deleteඔහොම හුරතල් කරන ප්රින්සිපල් ලද බන් උඹලගෙ ස්කෝලෙ හිටියෙ... අපේ ඉස්කෝල වල නම් ආයෙ පහුවදා උදේට පාත් වෙන්න බැරි වෙන්න වදිනවා පාර...
ReplyDeleteඅපිටත් එහෙම තමා.. එත් ඉතින් දරුනු වැරැද්දක්ට ඇරෙන්න කොලුකමට කොරන එවට ලොකු දඩුවම් නෑ...
Deleteඅම්මපා අපිටත් ඔය ලෙඩේ නම් තිබ්බා....ඒත් අහු උනේ නෑ දෙයියන්ගේ පිහිටයි කියලා....
ReplyDeleteඅපොයි උඹලා අහු වෙන්න නේ තිබ්බේ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපිත් ඔය වගේ කෙහෙල් කැනක් කැපුවා
ReplyDeleteඑත් මාට්ටු උනේ නෑ ;)
ප්ලෑන් ගහලා කැපුවේ
අපිට මොන ප්ලෑන් ද මඩයෝ හිතුනා කලා බඩු මාට්ටු
Delete