දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Wednesday, September 19, 2012

**මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්- 01 **





වන්නි මානුෂීය මෙහෙයුම් මැද භාගයේදී ඊට සම්බන්ධවී සිටි සේනාංකයන් මන්නාරම් දෙසින් උතුරටත්, වන්නි ප්‍රදේශයෙන් උතුරටත්,වැලිඔය ප්‍රදේශයෙන් මුලතිව් දෙසටත් හා මුහමාලේ සිට අලිමංකඩ දෙසටත් ඇදෙමින් සිටියදී එම ක්‍රියාන්විතයන් හි සාර්ථකත්වයට පදනම පිණිස විශේෂ බළකායේ දිගුදුර මෙහෙයුම් වඩ වඩාත් සිදු කිරීමට විය. කොටි ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධතාවයන් සහ පරිපාලන ජාලය බිද හෙළීමද
 මෙහි එක් අරමුණක් විය. ඒ නිසාවෙන් උපන් අතුරු කථාවකි මේ.

" සාර්ජන් ටිකකට නවතිමු ද."

"ඇයි කෝප්‍රල් මොකද උනේ.?"

"පැක් එක අවුට් ගිහින් වගේ".

ඔවුහු නිහඩව නැවතී මදක් විවේක ගන්නට වූහ. සැරයන් ජයකොඩි සමග දිගුදුර විහිදුම් කණ්ඩයේ සය දෙනෙකු මාන්කුලම් කොකාවිල් ඒ-9 මාර්ගයේ සතුරාගේ අධි ආරක්ෂිත කලාපය තුළ රැකසිට පහරදීමකට පැමිණියේ ය.

.සැරයන් ජයකොඩිට තම අණදෙන නිලධාරි දුන් ඔවදන් සිහි විය...


"සැරයන් ජයකොඩි.. මතක තියා ගන්න මේක බොහොම රහසිගතව ආරක්ෂිතව සිදුකළ යුතු මෙහෙයුමක්.. මෙච්චර කල් කරපු හැම ක්‍රියාන්විතයක් වගේම මේකත් සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.."


විශේෂ බළකා පුහුණුව ලත් සොල්දාදුවෙකු සතු ඔහුටම ආවේණික වු ශිල්පීය දක්ෂතා තම පෙර අත්දැකීම් සමග එකට එකතු කරගනිමින් මෙම කණ්ඩය තම ඉලක්කය කරා ළගාවුයේ සතුරු භුමිය තුළ තම යුද මුලධර්ම මැනවින් පවත්වා ගනිමිනි.....


මෙහිදී විශේෂිත වන්නේ කණ්ඩායම සතුරු භුමිය තුළ සිටින බවට සැක සහිත සාක්ෂියක් එම භුමිය තුළ ඉතිරි නොකිරීමය. එනම් තම පා සළකුණු, කණ්ඩායම නැවතී සිටි ස්ථාන හෝ අවම වශයෙන් කැළය තුළ වු කුඩා පැළයකටවත් හානි නොවන්නට ක්‍රියා කරනුයේ ඒ සෑම ක්‍රියාවක්ම ක්‍රියාන්විත සාර්ථකත්වයට බලපාන නිසාය...


කෙසේ හෝ තමා සතු ශිල්පීය දක්ෂතාවය උපයෝගී කරගනිමින් කණ්ඩායම ඉලක්කගත භුමිය කරා ළගා වුහ.. නමුත්,ඒ 9 මාර්ගයට සතුරා දැඩි රැකවල් යොදා තිබුණි. ඒ ඔවුන්ගේ ප්‍රධානතම සැපයම් මාර්ගය හා නායකයින් ගමන් ගන්නා මාර්ගය වු බැවිනි... එසේ වුවද ඉතා සුපරික්ෂාකාරී නිරීක්ෂණයකින් පසුව භුමිය තුළ ඇති ඉතා තුඩා වැලි කැටය පවා තම වාසියට යොදා ගැනිමින් සූක්ෂම ලෙස සමූහ සතුරු නාශක වෙඩි ස්ථානගත කර සැගවූයේ කිසිදු ආකාරයකින් සතුරාට නිරීක්ෂණය නොවන ලෙසටය....

තම කණ්ඩායමේ දෙදෙනෙකු දැමූ සමූහ නාශක වෙඩිවල ආරක්ෂාව තහවුරු කරගන්නට ගොස් ආපසු පැමිණි සැරයන්ගේ මුහුණෙහි ප්‍රශ්නාර්ථයක් ගැබ්ව ඇති බව දුටු සෙස්සෝ විමසිලිත් වූහ

"ඇයි සාජන් මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"ඔව්....."

"සමූහ සතුරු නාශක වෙඩි ටික චෙක් වෙයි ද? එළියට පේනව ද?"

"නෑ මෝඩයෝ"

"එහෙනං"

"මටවත් සමූහ සතුරු නාශක වෙඩි හොයාගන්න බැරි වුණා කොහෙද හැංගුවේ? දැම්මේ කියපු තැන නෙමෙයි ද?"

ඔවුහු සතුටින් සිනාසුනහ. "සාජන්ගේ උකුසු ඇස් වලට අහුවෙන්නෑ කියන්නේ... අයේ මොකෙකුටවත් හොයන්න බෑ".. "එතනම තමයි දැම්මේ යං මං පෙන්වන්නම්". අයෙකු ඉදිරිපත් විය...


දිගුදුර විහිදුම් කණ්ඩය තම වතුර බෝතලය පවා භුමියට අනුව වෙස් ගැන්වීම සිදුකරන්නේ නිරීක්ෂණ හැකියාවට වඩා තම ශිල්පීය දක්ෂතා තුළින් සතුරාට වඩා සෑමවිටම පියවරක් ඉදිරියෙන් සිටිමනි. මෙහිදී ද සතුරා දිනකට මාර්ගය දෙපස නිරීක්ෂණ මුර සංචාර කොපමණ සිදුකළත්, කිසිදු ආකාරයකින් සතුරු ඇස නොගැටෙන්නට සමූහ සතුරු නාශක වෙඩි හා ඩෙටිකෝඩ් සගවා තැබුවේ ඒ සියල්ල ම එම භූමියේ ම කොටසක් සේ දිස්වන අයුරිනි...


විශේෂිතම සිදුවීම එය නොවේ.ඔවුන් එය සිදුකළේ රාත්‍රී කාලයේ වීමයි.. ඝන අන්ධකාරයේ අඩි සළකුණක් හෝ නොසිටින අයුරින් එවැනි කාර්යයන් කිරීම සැබැවින් ම ඔවුන්ගේ කුසලතාවය පෙන්නුම් කරන කදිම නිදසුනකි. දිගුදුර විහිදුම් සෙබළෙකු සතු ඉවසීමේ ගුණය, යමක් පෙර විනිශ්චය කිරීමේ හැකියාව, අධිෂ්ඨානය, පුහුණුව , දක්ෂතාවය හා පළපුරුද්ද මේ සියල්ලේ ම සුසංයෝගයෙන් නිර්මාණය වන්නේ ඉතා හොද සාර්ථක පිරිපුන් සෙබළෙකු බව පෙන්නුම් කරන්නට ඒ සමූහ සතුරු නාශක වෙඩි සැගවීම ම ප්‍රමාණවත් විය...



දින 3ක් බලා සිටියහ තුන්වන දින සවස පහට පමණ සතුරු නායකයන් රැගත් කැබ් රථයකට හා යතුරු පැදියකට එකවර පහර දී සිය අරමුණ ඉටුකර ගත්තේ හෙලූ දහඩිය හා කළ කැප කිරීමට සරිලන ප්‍රථිපලයක් අත් කරගැනීමට හැකිවීම ගැන උද්දාමයට පත් වෙමිනි...


ක්ෂණිකව පසු බැසීම ඇරඹුණි. සැරයන් ජයකොඩිගේ කණ්ඩායමට ආපසු ගමනේ දී හමුවු පළමු බාධකය වූයේ මාන්කුලම් තුනුක්කායි මාර්ගයයි. සතුරා දැඩි රැකවල් ඔවුන්ගේ අභ්‍යන්තර යොදා තිබූ නිසවෙන් ඉතා සුපරික්ෂාකාරීව එම මාර්ගය නිරීක්ෂණය කර සැරයන් ජයකොඩි රාත්‍රී නවයෙන් පසු එම මාර්ගයට ළගා වීමට තීරණය කළේ ය...


සතුරු භුමිය තුළ දිගුදුර විහිදුම් සෙබළෙකුට තම ජීවිතය පිළබද ඇති අවදානම එහීදී ඔවුන්ට හොදහැ‍ටි පසක් විය. එදින සවස් භාගයේ විමර්ෂනයේ දී හසු නොවුනු මාර්ග බාධකයක් රාත්‍රියෙහි එහි විය.......


"සාජන්... හවස රෙකියේදී මේක මෙතන තිබුනේ නෑ... හොදටම ෂුවර් .." එක් අයෙක් කීවේය.


"හරි.. හරි.. කෝප්‍රල් මට ඔයාව විශ්වාසයි.. මේක හවස් වෙලා දාලා තියෙන්නේ.. අපිව හොයා ගන්නකං උන්ට නින්ද යන්නේ නෑ..." සැරයන් ජයකොඩි කිව්වේ ඔහු අස්වසන්නට ය.


"ඉවරයි... සාජන් අපිව චෙක් වෙලා වගේ විස්සක් තිහක් මේ පැත්තට එනවා".......................................................................................................!!

~ මතු සම්බන්ධයි ~

මේජර් ගාමින්ද අබේසේකර.
"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා"


මෙම කතාව මා විසින් උපුටා ගෙන පළ කරන්නකි.
අපේ කාලයේ සෑබෑ විරුවන් වෙනුවෙන් කරන උපහාරයකි මේ..


15 comments:

  1. අදමයි මේ පැත්තට ආවේ
    දිගටම ලියමු ජය!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි හැබැයි මේක මම උපුටා ගත්ත එකක්

      Delete
  2. යුද්ධයේදී අපේම සහෝදර සෙබළු මොන තරම් කැප කිරීමක් කරන්න ඇත් ද..? කතාවේ හොදම හරිය ඉස්සරහට වගේ. එල ඈ..!!

    ReplyDelete
  3. ම්ම්ම්... හොඳයි.. ජය වේවා..

    ReplyDelete
  4. ලස්සන කතාවක් වෙයි.ජය වේවා !

    ReplyDelete
  5. ඊළග කොටසත් කියවන්න කුතුහලයක් ඇති වුනා... උපුටාගැනීමක් වුවත් මෙහි පලකිරීම පිළිබද මගේ ප්‍ර‍සාදය
    ජය !

    ReplyDelete
  6. සිරා පොත නේ.....
    ඒත් ඉතිං දැං රණවිරුවො කීලා ජාතියක් නෑනේ..
    ඒකනේ හොටෙල්ස් වලදි ගහන්නේ..

    ReplyDelete
  7. දිගටම ලියන්න අපි එනවා බලන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...