දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Saturday, June 23, 2012

ජීවිතේ සතුට කියලා හැමදාමත් මම ලංකරගත්තෙ දුක විතරයි..


ජීවිතේ සතුට කියලා හැමදාමත් මම ලංකරගත්තෙ දුක විතරයි..ඔයාගෙ ආදරෙත් ඒ වගේ අයියෙ..ඔයාට ආදරේ කරන්න ගත්තාම හැමෝම මගෙන් ඇහුවෙ මට පිස්‌සුද කියලා..ඔයාගෙ හොදක්‌ දකින්න කාටවත් බැරි උනා..ඒත් මම ඔයාට ආදරේ කලා අයියෙ..ඔයාව හොද කෙනෙක්‌ කරන්න පුලුවන් වෙයි කියලා හිතුනා..ඒත් මට වැරදුනා..ආදරේ නිසාවත් ඔයා ඔයාගෙ ජීවිතේ වෙනස්‌ කර ගත්තෙ නෑ..හැමෝටම විරුද්ද වෙලා ඔයාට ආදරේ කරපු වරදට අද මම දඩුවම් විදිනවා...ඔයා මගෙ ලගින් හිටියා නම් ඔයාවත් ඉන්නවා කියලා හිත හදා ගන්න තිබ්බා..ඒත් ඔයත් මාව දාලා ගියානෙ අයියෙ..කමක්‌ නෑ මම දුක්‌ වින්දත් ඔයා සතුටින් ඉන්න..ඔයාගෙ ජීවිතේ දැන්වත් ලස්‌සනට හදා ගන්න...ඔයා එක්‌ක තරහක්‌ ආවට කවදාවත් මට ඔයාට වෛර කරන්න බෑ... ඒත් සැරින් සැරේට කතා කරලා ඔයා කරපු වරදට සමාව ඉල්ලන්න නම් එපා මගෙන්...වෛර කලේ නැති උනත් කවදාවත් ඔයාට දෙන්න සමාවකුත් මා ලග දැන් නෑ අයියේ...

මහ හුගක්‌ ආදරෙන්



මහ හුගක්‌ ආදරෙන් නුඹට මම ලන්වුනා
කදුලු පමනක්‌ උරුම කර මගෙන් නුඹ වෙන්වුනා
සිතේ සැනසුම පවා නුඹ සමග දුර ගියා
ආදරය දුකක්‌ බව නුඹ නිසා වැටහුනා...
අතීතය සිහිනයක්‌ පමණක්‌ම යැයි සිතා
අමතක කරන්නත් මේ සිතට බැරිවුනා
නුඹ නොමැති හෙටක්‌ ගැන සිතුවෙවත් නැති නිසා
ජීවිතෙන් පලා යමි නුඹේ සැනසුම පතා...

ඔයාගේ මතකයත් එක්‌ක මම හැමදාම තනියම ජීවත් වෙන්නම්...


ආදරේ නිසා මේ ඇස්‌ විදවපු තරම් දන්නෙ මම විතරයි සුදු මහත්තයෝ...
ඔයා හිතනවා ඇති ඔයාට මම ආදරේ නෑ කියලා....
ඒක වැරදියි...මගෙ මුලු හිතේම ඉන්නෙ ඔයා විතරයි...
මාත් ආසයි හිනාවෙන්න..
දුක හිතෙන දේවල් ජීවිතෙන් ඈත් කරන්න...
ඔයත් එක්‌ක සතුටින් ඉන්න,ඔයා ගන්න හුස්‌මකටත් ආදරේ කරන්න,ඒ ආදරේ ලග ජීවිතය උනත් දෙන්න මම ගොඩාක්‌ ආසයි සුදු මහත්තයෝ...
ඒත් ඒකට මට මේ ආත්මෙනම් ඉඩක්‌ ලැබෙන එකක්‌ නෑ...
මගෙ ජීවිතේට ආදරේ ගොඩාක්‌ දුරයි වස්‌තු...
මේ පව්කාර ජීවිතේට ඔයා ලන්වෙන්න හදන්න එපා මහත්තයෝ ඒක නිසා...
ඔයාගේ මතකයත් එක්‌ක මම හැමදාම තනියම ජීවත් වෙන්නම්...

Thursday, June 21, 2012

සඳ සිත්තමක්

සඳ සිත්තමක් සේ ඇඳී...
මහදේ පුරා....
නෙක පැතුමන්..සිහින ගංඟා..
මැව් සිත පුරා...
ආදරෙන්....
මහදේ පුරා වෙළී...
ඔබගේ..
ස්නේහයේ මා..නැවතුනා...

හිස් අතරේ හැංඟිලා...
හද ගැඹුරේ නැවතිලා...
ඔබෙ පහසේ..
රැඳී ඉන්නම්..මා සදා....
තරු එළියක් එයි නුරා..
සිත් අහසේ පායලා...
මා ඉන්නම්..
ඔබේ හදපුරා..සැනසිලා...

සංසාර සිහිනයේ...
එක් නිමේෂක තනිවෙලා...
ඉකි ගසාවී..
හද කඳුළැල් දෝත දරා...
නෙතු පෙනෙනා මායිමේ...
තනිකම සිතේ සිර කරන්..
මා ඉන්නම්..
සුසුම් හද පුරා..සිර කරන්...

සඳ සිත්තමක් සේ මැකී...
නෙතු බොඳ වෙලා...
නෙක පැතුමන්..සිහින ගංඟා..
මැව් සිත පුරා...
ආදරෙන්....
මහදේ පුරා වෙළී...
ඔබගේ..
ස්නේහයේ මා..නැවතුනා...

මගේ ජීවිතේ

මගේ ජීවිතේටම සතුට දෙන්න
ඔයා මගේ ලෝකෙටම වෙලා ඉන්න
මොහොතක් වත් එපා දුරස් වෙන්න
මටනම් බෑ ඒ දුක දරන්න... ඔයා නැතිව හිත විදවන....

මල් හිනා අරන් හැමදාම ඔයා ඉන්න
මගේ දැස් අගම හැමවිටම පිපෙන්න
කොද කැකුළු මල් හිනා මට ගෙනැත් දෙන්න
මටනම් බෑ ඔයා නැතුව.... තව මොහොතක් තනිව ඉන්න

photo










අකාරුනික ඔය හිතට


අකාරුනික ඔය හිතට කියනවද

හිතන්න ම0 ගෑන යළිත් කියා
සදාතනික පෙම් සිහින දකින්නට
හිතා ගන්න හිත නෑතුව ගියා......

මතක් කරනවද අපි දෙන්නාගේ
ඉස්සර සුන්දර දවස් යළි
අකාරුණික ඔය හිත වෑලපෙවි
මගේ අහි0සක කමට සිටී....

රෑ සඳ පානේ ඔච්චම්


රෑ සඳ පානේ ඔච්චම් කරනා

දහසක් තරුකැට සරදම් කෙරුවා
මම ඔබ හින්දා වැළපෙනු දැකලා
සඳ එළියත් අඩවන් වී දිලුණා



ඔබේ සුමුදු වත සුවඳට තුරුලුව
ගෙවුණා මතකයි දෙදිනක් හෙමිහිට
අද මා පමණයි ඔබ නෑ තනියට
උහුලා ගන්නම් එනතුරු තුරුළට



දෙනුවන නිතරම ඔබව සොයනවා
හදවත හැමවිට ඔබම පතනවා
දෑසම මුතු කඳුළින් බරවෙනවා
සඳ එළියට මගෙ දුක් මුමුණනවා

Friday, June 1, 2012

හිත උණු නොවෙන්න තරම් ගලක් වුනේ කොහොමද වස්තු..

ඔයා කියන හැම දේකින්ම හිතට දුක දැනුන වස්තු....සද්ද නැතිව ඔයා කියන දේ අහගන ඉන්නවා ඇරුනම මට කියන්න දෙයක් නෑ කියල හිතුනා....එත් දුක දැනුන හිතට ඒක තනියම දරාගන්න බැරි නිසා ඇස වලින් කදුළු කඩා හැලෙන්න ගත්තේ මගේ අසරණකමට කියලවත් ඔයාට හිතුනේ නැද්ද....ජිවිතේට ඕනිම කියල හිතෙන දේවල් බලාගන ඉද්දීම නැතිවෙලා යනවනම් ඒක කොච්චර දුකක්ද කියල කියන්නේ කොහොමද මම....මෙච්චර දුකක් හිතේ තියාගන මම අඩද්දීත් ඔයාගේ හිත උණු නොවෙන්න තරම් ගලක් වුනේ කොහොමද වස්තු....ඔයා මගේ ඇස ඉස්සරහට ඇවිත් කියනවා "හිත හදාගන සතුටින් ඉන්න මම යනවා" කියල.....කෑලි එකතුකරලා හදන්න බැරිවෙන තරමටම කැඩුන හිත......පුලුවන්නම් හදල දීලම යන්න....දුක ඇරුනම වෙන කිසි දෙයක් නොලැබෙන බව දන දැනත් අතීතය දිගේ දුවන්න බලන් ඉන්න හිතට අතීතය තහනම් කරලා දෙන්න......එහෙම කලොත් මම සතුටින් ඉන්නම්....

ඔය අහිංසක ඇස්‌


ඔය අහිංසක ඇස්‌ දෙක දැක්‌ක 

මුල්ම දවසෙම අත්ම ගනනාවක 
දන්න කියන බවක්‌ ඇත්තටම මට දැනුනා.....
ඒක ඔයත් දන්නව නේද වස්‌තු....
මං ඔයගෙ ඇස්‌ දෙකට කොච්චර ආදරෙද කියලා...
මටවත් හිතා ගන්න බැරි උනා.....
ඔයා ටිකෙන් ටික මාව ඔයාගෙම 
ජීවිතේ කොටසක්‌ කර ගත්තා........ 
කවදාවත්ම නොලැබුනු 
සුන්දර ජීවිතයක්‌ මට ගෙනත් දුන්නා.......
එ වෙනුවෙන් මට කරන්න පුලුවන් 
හැම දෙයක්‌ම මම ඔයා වෙනුවෙන් කරන්නම්.........
මම එ... හැම දේකටම ඔයාට ණය ගැතියී...
ඒත් තවත් මාව මෙහෙම 
තනි කරන්න එපා මගෙ වස්‌තු........!!!

අද ඔයාගේ මතක වලින් පිරිලා ගිහින්


දවස පටන් ගත්ත වෙලේ ඉදලා මග බලාගන හිටියේ ඔයා ඒවි කියල නෙවි අඩුම ගානේ කෝල් එකක් වත් දේවි කියලා

අනිත් හැම බලාපොරොත්තුවම බිදිලා යද්දිත් තාමත් මම දවස පටන්ගන්නේ කොයිවෙලේ හරි ඔයාගේ කටහඩවත් අහන්න ලැබෙයි කියන විස්වාසෙන්
ඒත් දවස් ගානකින් ඔයාට මාව නිකමටවත් මතක් වෙලා නෑ කියල දැනෙද්දී අනේ මගේ හිතට දැනෙන්නේ කියාගන්න බැරි දුකක්
කාලයක් මාව නොදක එක දවසක්වත් ඉන්න බැරිවුන ඔයාමද දැන් මම ඉන්නවද කියලා හොයන්නවත් ඕනිකමක් නැති තරමටම වෙනස් වුනේ කියල මට පුදුමයි
ඔයාගේ මතකෙන් ටිකෙන් ටික මාව අමතක වෙලා යද්දීත් මගේ මතකේ පුරාම එදාටත් වඩා අද ඔයාගේ මතක වලින් පිරිලා ගිහින්
අතේම තියාගන ඉන්න ෆෝන් එක දිහාට සරින් සැරේ ඇස් දිව්වේ මගේ කන් දෙකත් මට විස්වාස නැති වෙලා නිසා වෙන්න ඇති
මට ඇහෙන්නේ නැති වෙන්නවත් ඔයා කෝල් කාලද දන්නේ නෑ කියලා හිත කියන නිසා
ඒත් ඒ බලාපොරොත්තුවත් බිදිලා යද්දී ඇස් දෙකට කදුළු පුරවගන අද දවසටත් සමු දෙන්න සිද්ද වෙලා
ඊයේ අද වගේම හෙටත් මම මග බලන් ඉන්නේ ඔයා ගැන බලාපොරොත්තුවෙන් කියලා ඔයාගේ මතකෙන් ගිලිහුන මම කොහොමද ඔයාට කියල දෙන්නේ...........

ඔයාට ආදරේ කලාට මට ලැබුන..... දඩුවමද,තෑග්ගද


මම හිනා වෙන්න හදන හැම වෙලාවකම....
කොහෙ හරි ඉදලා කදුලක්‌ ඇවිත් මාව අඩවනවා...

ඊයේ,අද වගේම හෙටත් වෙන්නෙ ඒකමයි.
හැමදාම හිතට බල කරල කියනව.....
එකම බොරුවට ආය ආය රැවටෙන්න එපා කියලා 
ඒත් හිත මම කියන දේ පිලිගන්නෙ නෑ. 
ඔයාට මම ආදරේ කල එක වරදක්‌ද?ඒකද ඔයා මට බොරුම කලේ.....,
ඔයාට ආදරේ කලාට මට ලැබුන.....
දඩුවමද,තෑග්ගද කදුලු කියනවත් මම දන්නෙ නෑ...
ඒත් මම දන්න එකම දේ තාමත් මම ඔයාට හරී ආදරෙයි.....

මුරණ්ඩු කම්

ගේ හිතුවක්කාර කම් මුරණ්ඩු කම් මේ තරම් ඉවසන්න පුලුවන් ඔය අහි0සක හිතට විතරමයි රත්තරන්.....මට දුක හිතුනහම ලගට ඈවිත් ආදරේන් තුරුලු කරගෙන සනසන්න පුලුවන් වෙන හිතක් කොයින්ද ඔය තරම්ම.....ම0 වෙනුවෙන් ආදරේ විතරක්ම පිරිල තියන ඔය හිත කොයි තරම් මට වටිනවද....කියා ගන්න බෑරි තරම් ආදරේ කරන්නේ එකයි මගේ රත්තරන්ට......
ආදරෙන් ලගට ගෙන මගේ හිස අත්ගාන්න
දගකාර කම් නිමක් නෑතිවම ඉවසන
දුකක් දෑනුනම අන් හදක් නෑත තුරුල් වන්නට
නුඹේ අහි0සක උණුසුම් සුසුම් පොද හෑර......

Related Posts Plugin for WordPress, Blogger...